කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ප්‍රදේශයේ ඇතිවූ දරුණු හිම කුණාටුවක් හේතුවෙන් ගුවත්තොටුපළ සහ කඩ සාප්පු සියල්ල වසා දැමීමට සිදුවූ බව වාර්තා වේ.

හිම කුණාටුවෙන් ශාන්ත ජොන් නගරයට සෙන්ටිමීටර් 75ක පමණ හිම පතනයක් ඇතිවූ අතර පැයට කිලෝමීටර් 130ක පමණ වේගයෙන් සුළං හමා ගියේය.

ශාන්ත ජොන් නගරයේ නගරාධිපති ඩැනී බ්‍රීන් මහතා පැවසුවේ සිකුරාදා සිට ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බවයි.

"සියලුම ව්‍යාපාර වසා දමන ලෙසට නියෝග කළා. පොලිසිය හා ගිනි නිවන රථ හැර අනෙක් සියලුම වාහන ගමන් කිරීම තහනම් කළා" යැයි නගරාධිපතිවරයා පවසයි.

දහස් ගණනක පිරිසකට විදුලිය ඇණහිට ඇති බවද වාර්තා වේ. මිතුරකුගේ නිවසට පයින් ගමන් කළ 26 හැවිරිදි පුද්ගලයෙකු අතුරුදන්ව ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)