කැනඩාවේ සස්කෙචුවාන් ප්‍රාන්තයේ ලැව් ගින්නක් හේතුවෙන් 13,000ට වැඩි පිරිසක් අවතැන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඝන දුමාරය හේතුවෙන් නිවෙස්වල සිටීම අපහසු වීම මෙයට හේතුවී ඇත. ගින්නට හසුවී නිවාස 15ක් විනාශ වූ බව ද කැනඩා මාධ්‍ය වාර්තා කරයි.

සැතපුම් 1000ක් පමණ දුරට දුමාරය පැතිරෙමින් පවතී. ගින්න පැතිරෙන ප්‍රදේශයට ගින්න මර්oනය කිරීමට 1400ක පමණ පිරිසක් යොදවා ඇතැයි කැනඩාවේ ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

මෙම ලැව් ගිනි ලබන ශීත ඍතුව දක්වා පැවතිය හැකි බවත් නිරක්ෂය ආශ්‍රිත පැසිපික් සාගර කලාපයේ ජලය උණුසුම් වීමේ එල්නිනෝ කාලගුණ විපර්යාසය නිසා එම තත්ත්වය හටගත් බව විද්‍යාඥයෝ කියති.