IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කැනඩාවේ ගිනිඅවි සම්බන්ධයෙන් නව නීති

ගිනි අවි සම්බන්ධයෙන් නව නීති හඳුන්වාදීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සූදානම් වෙයි.

කැනඩා අග්‍රාමාත්‍යවරයා මෙසේ නව නීති හඳුන්වාදීමට තීරණය කර ඇත්තේ පසුගියදා අසල්වැසි ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ප්‍රාථමික පාසලක සිදුවුණු අමානුෂික වෙඩි තැබීමේ සිද්ධිය සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව, කැනඩාවේ සියලුම පිස්තෝල විකිණීම සහ මිලදී ගැනීම තහනම් කළ යුතු යැයි එම නව නීති සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ යෝජනා කර තිබේ. ඊට අමතරව, සියලුම කෙටි බැරල් ගිනි අවි වල පුද්ගලික හිමිකාරත්වය අත්හිටුවීමට ද අග්‍රාමාත්‍යවරයා යෝජනා කර තිබේ.

ගිනි අවි නීති සම්බන්ධයෙන් සකස් කෙරුනු නව කෙටුම්පත කැනඩා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

පිස්තෝලවල පුද්ගලික හිමිකාරීත්වය මුළු මනින්ම තහනම් කිරීමට නොහැකි වුවත්, නව පනත් කෙටුම්පත සම්මත වෙද්දී, පිස්තෝල මිලදී ගැනීම සම්බන්ධයෙන් නව නීති හඳුන්වා දෙනු ඇති බවත්, එසේ මිලදී ගන්නා පිස්තෝල නීති විරෝධී වනු ඇති බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

‘කැනඩාව තුල දඩයම් කිරීමට,වෙඩි තැබීමේ ක්‍රීඩාවට හැර එදිනෙදා ජීවිතයේදී ගිනි අවි භාවිතා කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් නව නීති හඳුන්වා දීමත් සිදු කළ යුතුයි‘යැයි අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

කැනඩාවේ ගිනිඅවි සම්බන්ධයෙන් නව නීති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 533 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1688 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site