
ගිනි අවි සම්බන්ධයෙන් නව නීති හඳුන්වාදීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සූදානම් වෙයි.
කැනඩා අග්‍රාමාත්‍යවරයා මෙසේ නව නීති හඳුන්වාදීමට තීරණය කර ඇත්තේ පසුගියදා අසල්වැසි ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ප්‍රාථමික පාසලක සිදුවුණු අමානුෂික වෙඩි තැබීමේ සිද්ධිය සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව, කැනඩාවේ සියලුම පිස්තෝල විකිණීම සහ මිලදී ගැනීම තහනම් කළ යුතු යැයි එම නව නීති සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ යෝජනා කර තිබේ. ඊට අමතරව, සියලුම කෙටි බැරල් ගිනි අවි වල පුද්ගලික හිමිකාරත්වය අත්හිටුවීමට ද අග්‍රාමාත්‍යවරයා යෝජනා කර තිබේ.
ගිනි අවි නීති සම්බන්ධයෙන් සකස් කෙරුනු නව කෙටුම්පත කැනඩා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
පිස්තෝලවල පුද්ගලික හිමිකාරීත්වය මුළු මනින්ම තහනම් කිරීමට නොහැකි වුවත්, නව පනත් කෙටුම්පත සම්මත වෙද්දී, පිස්තෝල මිලදී ගැනීම සම්බන්ධයෙන් නව නීති හඳුන්වා දෙනු ඇති බවත්, එසේ මිලදී ගන්නා පිස්තෝල නීති විරෝධී වනු ඇති බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
‘කැනඩාව තුල දඩයම් කිරීමට,වෙඩි තැබීමේ ක්‍රීඩාවට හැර එදිනෙදා ජීවිතයේදී ගිනි අවි භාවිතා කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් නව නීති හඳුන්වා දීමත් සිදු කළ යුතුයි‘යැයි අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd