ට්විටර් ගිණුමේ පළ කරන ලද අදහසක් හේතුවෙන් කැනේඩියා ජාතිකයකුට රටින් පිටවන ලෙස නේපාල අධිකරණය නියෝග කර තිබේ.
ඔහු විසින් පල කරන ලද එම අදහස් නේපාලයේ ජාතික සමගියට බාධාවක් යැයි එරට නිලධාරීහු පවසති.
එමෙන්ම ඔහු නේපාලයේ විසා රෙගුලාසි ද උල්ලංගනය කරමින් රැදී සිට ඇති බව නිලධාරීහු කියති.
පරිගණක ඉංජිනේරුවකු වන රොබට් පෙනර් නම් අයෙකු මෙලෙස අත් අඩංගුවටගෙන නිදහස් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබා දී තිබේ.
එම පුද්ගලයා ආණ්ඩුවේ ජනවාර්ගික විරෝධතා හැසිරවීම පිළිබද සිය ට්විටර් ගිණුම ඔස්සේ විවේචන එල්ල කර තිබේ.
ජනවාර්ගික ගැටුම් උග්‍ර වීමට හේතු වූ එම ව්‍යවස්ථා විරෝධතා වලින් ගිය වසර තුල 45 දෙනෙකු පමණ මිය ගිය බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට අපේ රටේ ඔහොම වෙන්නේ නෑ. තවත් වීසා දිගුවක් ලබා දෙයි. (ම)
වීසා අවසානනම් පිටුවහල් කළයුතුයි. ට්වීටර් ගැන කතා ඕනෑ නැහැ. ට්වීටර් සමාජජාල වෙබ් අඩවියක්. ඕනෑ කෙනෙකුට තම පුද්ගලික අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියනවා. (නි)
අපේ රටේ පිටරට සුද්දෙක් ඇවිල්ලා ලංකාවටම අපහාස කළත් සමහර ආණ්ඩුවේ ඇත්තෝ ලොකු තනතුරක් දීලා එයාලට ගෞරව කරනවා මිසක් මෙහෙම දේවල් නම් කරන්න හිතන්නෙවත් නැහැ. (නි)