කැනඩාවේ සිදු වූ ගුවන් අනතුරකින් කැනඩාවේ හිටපු ප්‍රවාහන ඇමැති ජීන් ලැපියර් ඇතුළු  හත් දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 අනතුරට පත්ව ඇත්තේ ඔවුන් ගමන් කළ පෞද්ගලික යානයකි.

අනතුරෙන් හිටපු ඇමැතිවරයාගේ බිරිද සහ සහෝදරයන් තිදෙනකුද මිය ගොස් තිබේ.

කිව්බික් වෙරළේ දුපතක් අසල මෙම අනතුර සිදුවී ඇත.

හිටපු ඇමතිගේ පියාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට යන අතර තුර මෙම අනතුර සිදුව තිබේ.

අනතුරට හේතුව සෙවීම සදහා මේ වන විට පරීක්ෂණ පවත්වන බවට සදහන්ය.