ඉන්දියාවේ සංචාරයක නිරත කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය අනිතා ආනන්ද් නවදිල්ලියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූවාය.

ඉන්දු - කැනේඩියානු ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයට නව ජවයක් ලබාදීම සඳහා අඛණ්ඩව දරන උත්සාහයන්ට කැනඩා විදේශ ඇමැතිනියගේ මෙම සංචාරයේ අරමුණ වෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් කැනඩා විදේශ ඇමැතිනිය උණුසුම් ලෙස පිළිගත් බව ද පැවැසෙයි. 

ද්විපාර්ශ්වික වර්ධනය සහ සමෘද්ධිය සඳහා වෙළඳාම, තාක්ෂණය, බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ ජනතාව අතර සහයෝගීතාව යන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමේ ක්‍රම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද පැවැසෙයි.