කැනඩාවේ හෙලිකොප්ටර් නියමුවෙක් ඇන්ටාක්ටිකාවේ ඕස්ට්‍රේලියා කොටසේ දී අනතුරට පත්විමෙන් මියගොස් ඇතැයි බීබීසී සේවය පවසයි. ඩේවිඩ් වුඩ් (62) නමැති මේ නියමුවා ගමන්ගත් හෙලි කොප්ටරය කඩා වැටීමෙන් අනතුරුව ඔහු බේරාගෙන වෛද්‍ය ප්‍ර‍තිකාර ලබා දුන්න ද ජීවිතය ගලවාගත නොහැකි වූ බව ද මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

අනතුරත් සමග ලැබුණු පණිවිඩ අනුව ගලවාගැනිමේ නිලධාරින් එහි ගොස් පැය තුනක දී ඔහු බේරාගත් බවත් ඕස්ට්‍රේලියාවේ සිට දුරකථනයෙන් ලැබුණු විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කළ ද ඔහුට සිදුව තිබූ මාරාන්තික තුවාල හේතුවෙන් පසුදින මියගොස් ඇත.

ඕස්ට්‍රේලියාවේ ඇන්ටාර්ක්ටික් ඒකකයේ අධ්‍යක්ෂ නික් ගේල්ස් පවසන්නේ මියගිය වුඩ් මහතාට ඇන්ටාක්ටිකාවේ හෙලිකොප්ටර් යානා පැදවීම සම්බන්ධයෙන් වසර 30ක පළපුරුද්දක් ඇති බවයි.