
තම ගුවන් සීමාවට අනවසරයෙන් පිවිසි හඳුනා නොගත් වස්තුවක් පහර දී විනාශ කළ බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළේය.
පහර දී විනාශ කළ වස්තුව, ‘හඳුනා නොගත් වස්තුවක්’ ලෙස අග්‍රාමාත්‍යවරයා පැවැසුවත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය චීන ඔත්තු බැලීමට එවූ බැලූනයක් බවය.
ඇමෙරිකාව ද ඊයේ (11) දිනයේ ඇලෙස්කාවට ඉහළින් පාවෙමින් තිබූ ‘හඳුනා නොගත් වස්තුවකට’ පහර දී විනාශ කළේය. මෙය ද චීනයේ ඔත්තු බැලී්ම් කරන බැලූනයක් බව පැවැසෙයි.
ඔත්තු බැලීමට බැලූන යොදා ගැනීම අතීතයේ පටන් සිදුවෙයි. මෙම බැලූන පාවෙන්නේ අඩි 80,0000 කට ඉහළින් උඩු ගුවනේය. රේඩාර්වලට හසු නොවී යෑමේ හැකියාව මෙම බැලූන සතුය. සාමාන්‍ය මගී ගුවන් යානා පියාසර කරන්නේ අඩි 40,0000 සීමාවේය. ප්‍රහාරක ජෙට් යානා පියාසර කරන්නේ අඩි 65,000 ක් ඉහළිනි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd