IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කැනඩා අගමැතිටත් කොවිඩ්

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ට කෝවිඩ් රෝගය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕමික්‍රෝන් ප්‍රභේදය කැනඩාවේ වේගයෙන් පැතිර යන මොහොතක ජනතාව දහස් ගණන් වීදි බැස ප්‍රචණ්ඪකාරීව හැසිරෙමින් විරෝධතාවවල නිරත වන මොහොතක සඳුදා දින  ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති ජස්ටින් පැවසුවේ 'අද උදෑසන මා කෝවිඩ් රෝගියෙකු ලෙස හදුනා ගත්තා' යනුවෙනි.

අගමැති ජස්ටින් මහතා එන්නත් දෙකම ලබාගෙන ඇති අතර පරිපූරක එන්නත ද ලබා ගත් අයෙක් බවද පැවසේ .ඔහු තවදුරටත් පැවසුවේ ”මගෙ ඇඟට කිසිම අපහසුවක් දැනෙන් නේ නෑ , මම හුදෙකලා වෙලා  මගේ වැඩ ටික කරන් යනවා මම ඔයගොල්ලන්ගෙනුත් මම ඉල්ලනවා එන්නත් දෙකයි පරිපූරක එන්නතයි ලබා ගන්න කියලා”.

පසුගිය බදාදා දින අගමැති ජස්ටින් මහතා  කෝවිඩ් රෝගියෙකුට නිරාවරණය වී ඇත. ඉන් පසු ඔහු සහ ඔහුගේ පවුල හුදෙකලා වී ඇත. අගමැති ජස්ටින්ගේ පාසැල් යන වයසේ දරුවන් තුන්දෙනාගෙන් දෙදෙනෙක් ටද කෝවිඩ් රෝගය වැළඳී ඇතැයි වාර්තා වේ.

(විමුක්ති එස් රුද්‍රිගු - සී.එන්.එන්)



අදහස් (0)

කැනඩා අගමැතිටත් කොවිඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 585 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2277 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site