නවදිල්ලියේදීය (ද හින්දු ඇසුරිනි)
දින හතක නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝට ඇනුම් පද කී බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ප්‍රකාශ කරයි.
නිල සංචාරයක් සඳහා ඉරිදා (18) ඉන්දියාවට පැමිණි කැනඩා අගමැතිවරයා ‘මහත්මා ගාන්ධිගේ සබාර්මති ආශ්‍රමයට’ (ගාන්ධි ආශ්‍රමය) ප්‍රණාමය පුද කළ අතර අක්ෂාර්දාම් විහාරස්ථානයටත් අහ්මෙදාබාද්හි ඉන්දීයානු කළමනාකරණ ආයතනයේ සංචාරයකත් නිරත විය.
කැනඩා අගමැතිවරයා, බිරිඳ ග්‍රෙගොරි සහ දරු තිදෙනා සමඟ සඳුඳා (19) ගුජරාට ප්‍රාන්තයේ සංචාරය කළ අවස්ථාවේදී ඔහු පිළිගැනීමට ප්‍රාන්ත මහ ඇමතිවරයා නොපැමිණීම සම්බන්ධයෙන් ද ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ.
“මහ ඇමැතිවරයාට පැමිණීමට නොහැකි වුණා. ප්‍රාන්ත සභාවේ අයවැය සැසිවාරයේ පළමු දිනය යෙදී තිබූ නිසා මහ ඇමැතිවරයාට කැනඩා අගමැතිවරයා පිළිගැනීමේ අවස්ථාවට සහභාගී වීමට නොහැකි වුණා. එහෙත් රජය කැනඩා අගමැතිවරයාට සියලු පහසුකම් සපයා දුන්නා. ඒ සම්බන්ධයෙන් ඔහු සතුටෙන් සිටියේ” යැයි චෝදනාවලට පිළිතුරු දෙමින් ප්‍රාන්ත මහලේකම් ජේ.එන්. සිංග් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
කැනඩා අගමැතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති මෝදි නිහඬ පිළිවෙතක් අනුගමනය කර තිබීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ. විදෙස් නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉන්දියාවේ සංචාරය කරන විටදී ඔවුන් පිළිගනිමින් ඉන්දීය අගමැතිවරයා සාමාන්‍යයෙන් ට්විටර් පණිවිඩයක් යොමු කළත් කැනඩා අගමැතිවරයා පිළිගනිමින් එසේ නොකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
කැනඩාවේ සිටින කාලිස්තානි බෙදුම්වාදී කණ්ඩායම්වලට කැනඩා රජය සහාය දැක්වීම සහාය දැක්වීම නිසා මෙම අර්බුදය හටගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කැනඩා අග්‍රාමාත්‍යවරයා අග්‍රාවේ සංචාරය කළ අවස්ථාවේදී උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මහ ඇමැති ආධිත්‍යනාත් ද ඔහු මුණ ගැසීම මග හැරීය.
චීන ජනාධිපති ෂී ජින්පින්ග්, ජපාන අගමැති ෂින්සෝ අබේ සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු තමන්ගේ ප්‍රාන්තය වන ගුජරාටයේ සංචාරය කළ අවස්ථාවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඔවුන් සමඟ ගුජරාට ප්‍රාන්තයේ සංචාරය කළේය. එහෙත් මෙවර ඉන්දීය අගමැතිවරයා කැනඩා අගමැතිවරයා සමඟ සංචාරයට එක් නොවීය.
ඉන්දීය අගමැති මෝදි කැනඩා අගමැතිවරයා හමුවනු ඇත්තේ පෙබරවාරි 23 වැනිදා නිල වශයෙන් පැවත්වෙන සාකච්ඡාවලදී පමණක් බව වාර්තා වේ.
055




2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැනඩා අගමැතිට ඇනුම්පදකී චෝදනා ඉන්දීයාව ප්‍රතික්ෂේප කරයි
KANDEPOLA Thursday, 22 February 2018 03:58 AM
කැනඩාව ලෝකයේ තිබෙන සියලු ත්‍රස්තවාදී සංවිධාන සාමාජිකයින්ට රැකවරණ සපයන රටක්. එල් ටී ටී ඊ සාමාජිකයින් පවා විශාල පිරිසක් ඒ රටේ රැකවරණය ලබනවා. ඉන්දීය නායකයින්ට එලෙස තම අප්‍රසාදය පල කරන්න තරම් කොන්දක් තිබෙන බව පෙන්නලා තියෙනවා.
SAM Thursday, 22 February 2018 03:09 PM
ඉන්දියාව කලදෙට අපේ ආචාරය. කැනඩාව එහෙ ඉන්න ලංකාවේ කොටින්ටත් උදඋ කරන්නේ ඔය වගේ තමි.
අචලා Thursday, 22 February 2018 11:42 PM
කැනඩාව උඩින් හොද මූන පෙන්වගෙන හිටියට, කැනඩාව තමයි ලෝකයේ හැම රටකම බෙදුම්වාදී, ත්‍රස්තවාදීන්ට රැකවරණය සහා ප්‍රතිපාදන සපයන්නේ. කැනඩාව කියන්නේ භායනක රටක්. ඒක නිසා ඒක අපිත් ලං නොකර ගත යුතුයි.
Ranjith Silva Friday, 23 February 2018 01:16 AM
මිනිස් ශ්‍රමයෙන් හිඟ කැනඩාව ඕනේ රටක මිනිස්සු බාර ගන්නවා. ඒ අය යක්කුද කවුද කියල බලන්නේ නැහැ. ලෝකෙම කුණුගොඩ කැනඩාවයි. සමහර හොද අයත් ඉන්නවා ඒත් ටිකක් පමණයි.
Saranga Friday, 23 February 2018 04:24 AM
මේක කැනඩාවේ ප්‍රශ්නයක් නෙමෙයි. ලිබරල් මතධාරී ආණ්ඩුව සහ ට්‍රුඩෝ අගමැතිගේ වැරැද්ද. කිසිම දෙයක් විනිවිධ භාවයෙන් නොකරන කෙනෙක්. මොහු ත්‍රස්තවාදීන් ලෙස හිරේ සිටි කැනඩා ජාතිකයින් 3කට නඩු නොඅසා මිලියන 50 බැගින් පිරිනැමුවා ගිය වසරේ. මේ ඉන්දීය සංචාරය ගියේ ඉන්දියානු ඡන්ද ගන්න.