IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


කැනඩා අගමැති-පවුලේ අය සැගවිලා

‘කොවිඩ් 19’ එන්නත අනිවාර්ය කිරීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රමුඛ රජය තීරණය කිරීමත් සමඟ, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

විරෝධතාකරුවන්ගේ තර්ජන එල්ල වෙද්දී, අග්‍රාමාත්‍ය ටෲඩෝ, බිරිඳ සහ දරුවන් අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට, රහසිගත ආරක්ෂිත ස්ථානයකට රැගෙන යෑමට අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ කටයුතු කර ඇතැයි ද මාධ්‍ය වාර්තා පවසයි.

‘කොවිඩ් 19’ ප්‍රතිශක්ති එන්නත් අනිවාර්ය කිරීමට කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝ ප්‍රමුඛ රජය ගත් තීරණයට පළමුවෙන්ම විරෝධය පළ කළේ එරට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථ රියදුරු සංගම්ය.

කෙසේ නමුත් පසුගිය සති අන්තය වනවිට දස දහස් ගණනක් විරෝධතාකරුවන් ඔටෝවා නුවරට එක් රොක් වී මාර්ග හරස් කරමින්, ප්‍රචණ්ඪකාරීව හැසිරෙමින් විරෝධතාවවල නියැලෙන්න වූ බවත්, ඔවුන් දේපොල හානි සිදු කිරීමට ද පටන් ගත් බවත් වාර්තා විය.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය යෙදවුණු අවස්ථාවේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් හට ගත්තේය.

අග්‍රාමාත්‍ය ටෲඩෝ මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ එන්නත්කරණය අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් සුළු පිරිසක් විරෝධය පළ කරන බවත්, එම සුළු පිරිස කැනඩාවේ බහුතරය නියෝජනය නොකරන බවත්, බහුතරය ‘කොවිඩ් 19’ එන්නත අනිවාර්ය කිරීමට විරෝධයක් නොදක්වන බවත්ය.

(රොයිටර්)



අදහස් (0)

කැනඩා අගමැති-පවුලේ අය සැගවිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 250 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 748 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site