
‘කොවිඩ් 19’ එන්නත අනිවාර්ය කිරීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රමුඛ රජය තීරණය කිරීමත් සමඟ, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.
විරෝධතාකරුවන්ගේ තර්ජන එල්ල වෙද්දී, අග්‍රාමාත්‍ය ටෲඩෝ, බිරිඳ සහ දරුවන් අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට, රහසිගත ආරක්ෂිත ස්ථානයකට රැගෙන යෑමට අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ කටයුතු කර ඇතැයි ද මාධ්‍ය වාර්තා පවසයි.
‘කොවිඩ් 19’ ප්‍රතිශක්ති එන්නත් අනිවාර්ය කිරීමට කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝ ප්‍රමුඛ රජය ගත් තීරණයට පළමුවෙන්ම විරෝධය පළ කළේ එරට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථ රියදුරු සංගම්ය.
කෙසේ නමුත් පසුගිය සති අන්තය වනවිට දස දහස් ගණනක් විරෝධතාකරුවන් ඔටෝවා නුවරට එක් රොක් වී මාර්ග හරස් කරමින්, ප්‍රචණ්ඪකාරීව හැසිරෙමින් විරෝධතාවවල නියැලෙන්න වූ බවත්, ඔවුන් දේපොල හානි සිදු කිරීමට ද පටන් ගත් බවත් වාර්තා විය.
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය යෙදවුණු අවස්ථාවේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් හට ගත්තේය.
අග්‍රාමාත්‍ය ටෲඩෝ මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ එන්නත්කරණය අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් සුළු පිරිසක් විරෝධය පළ කරන බවත්, එම සුළු පිරිස කැනඩාවේ බහුතරය නියෝජනය නොකරන බවත්, බහුතරය ‘කොවිඩ් 19’ එන්නත අනිවාර්ය කිරීමට විරෝධයක් නොදක්වන බවත්ය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd