
කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි ධවල මන්දිරයට පැමිණ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය. ඒ, ට්‍රම්ප් පරිපාලනය, කැනඩාවේ ආර්ථිකයට හානිවන අන්දමින්, එරට වානේ, මෝටර් රථ සහ අනෙකුත් භාණ්ඩ සඳහා පනවා ඇති තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.
මාස පහක කාලයක් තුළ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි, ධවල මන්දිරයේ දී ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සාකච්ඡා පවත්වන දෙවැනි අවස්ථාව මෙයයි.
“මම කාර්නි අග්‍රාමාත්‍යවරයාට කැමතියි. ඒක මුල සිටම එහෙමයි. අප දෙදෙනා අතරේ හොඳ සම්බන්ධයක් තියෙනවා.” යැයි කාර්නි සමඟ සාකච්ඡා පවත්වමින් ට්‍රම්ප්, මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
තීරු බදු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූ බවත්, එකඟතාවක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති ට්‍රම්ප් වැඩි දුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd