පළුදු වුණු හොඳහිත යළි තර කර ගැනීමේ අරමුණින්, ඉන්දීය නිල සංචාරයක් ආරම්භ කරමින්, කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කර්නි නවදිල්ලියට පැමිණියේය.

රාජ්‍ය තාන්ත්‍රික වශයන් මිතුදම් ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීමට කැනඩා අග්‍රාමාත්‍ය කාර්නි බලපොරොත්තු වෙයි. ඉන්දියාවේ ව්‍යාපාරික ප්‍රජාව හමුවීමට ද කාර්නි සූදානමින් පසුවන බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය මෝදි හමුවී, නව වෙළෙඳ ගිවිසුමකට අස්සන් කිරීමටද තමන් කටයුතු කරන බව කැනඩා අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව බලා යෑමට පෙර මාධ්‍ය හමුවේ පැවැසීය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාවටත්, ඉන්දියාවටත් තීරු බදු පනවා ඇත. අසාරධාරණ අයුරින් පැනවූ එම තීරු බදු සම්බන්ධයෙන් දකැනඩා අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පවත්වනු ඇතැයි ද පැවැසෙයි.