ඉතාලියේ ගිග්ලියෝ දූපත අසළ දී පෙරළී ගිලී ගිය කොස්ටා කොන්කෝඩියා නම් සුවිසල් නෞකාව ජූලි 21 දා යළි සම්පූර්ණයෙන් ම ගොඩගැනීමට නියමිත.
ටොන් 114,500ක් බරැති නැව මීටර 290ක් දිගැතිය. 2012 ජනවාරි දහතුන් වැනිදා මගීන් 4229ක් හා සේවකයන් 70 ක් සමග පෙරළී විනාශ වූ මෙම නෞකාවේ සිටි 32 ක් මියගිය අතර ඉන්දීය සූපවේදියකු අතරුදන් විය.
ලොව අධි සුඛෝපභෝගී නෞකා අතරින් එකක් ලෙස ප්‍රසිද්ධියක් උසුලා ඇති කොස්ටා කොන්කොඩියා නැව අවන්හල්, සිනමා ශාලා, සුපිරි වෙළඳ සංකීර්ණ, සමාජ ශාලා, පිහිනුම් තටාක, කැසිනෝ ඇතුළු පහසුකම් රැසකින් සමන්විත විය.
නැව පෙරලී ගිය අවස්ථාවේ එහි තට්ටු හතරක් උඩට මතුව තිබිණි. දැනට ගොඩගැනීම ආරම්භ කැර ඇති මේ නැවේ ඉතා දුෂ්කර චාරිකාවක යෙදුණු ඡායාරූප ශිල්පියකු විසින් ගන්නා ලද ඡායාරූප රැසක් ඩේලි මේල් වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කැර ඇත. ඒ ඡායාරූප අතර තවමත් භාවිතා කළ හැකි හොඳ තත්ත්වයේ පවතින විනාශ නොවූ පියානෝවක් ද දක්නට ලැබේ.
මුහුදු රළ වැදීමෙන් මළ බැඳී ඇති බරාදි වැටවල්, විශාල සෝපාන, මේනම සුන්බුන් වී ගිය කොටස් කලාත්ම ඡායාරූප හා රැසකට පාදක වී ඇත. ඉතාලි නාවුක බලධාරීන් පවසන්නේ දැනටමත් නැවේ තට්ටු හයක් හයක් ගෙගෙන ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොන්කෝඩියා යළි නැගිටුවයි
බණ්ඩාර Wednesday, 16 July 2014 01:32 PM
ලස්සන නැවක් (නි)
සමන්ත Wednesday, 16 July 2014 08:52 AM
ලස්සන ලිපියක් (නදී)
මාලිකා Wednesday, 16 July 2014 08:06 PM
ෆොටෝ එකකින් හරි මෙහෙම ලස්සන බලාගන්න ලැබෙන එකට සතුටුයි (නි)