
ආසියාවේ සංචාරයක යෙදෙන ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි, චීනයේ දැඩි විරෝධය මැද තායිවානයේ තායිපේ අගනුවර බලා පැමිණියාය.
තායිවානය යනු චීනය අසල පිහිටි කුඩා දූපත් රාජ්‍යයකි. අතීතයේ තායිවානය චීනයට අයත් කොටසක් වුවත්, වර්තමානයේ තායිවානයට වෙනම පාලනයක් ඇත. චීනයෙන් වෙන් වී ගියත් චීනයේ තවමත් විශ්වාස තායිවානය එරට කොටසක් බවය. තායිවානය විදෙස් සබඳතා පැවැත්වීම චීනයේ දැඩි විරෝධයට හේතුවකි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය, තායිවාන රජයට සහාය පළ කරයි. 82 හැවිරිදි පෙලෝසි, බයිඩන් නියෝජනය කරන ඩිමොක්‍රටික් පාක්ෂිකාවකි. එසේ වුවත් කතා නායිකාව තායිවානයේ සංචාරය කිරීම සිදුවන්නේ බයිඩන් පරිපාලනයේ අනුග්‍රහය යටතේ නොවන බව බයිඩන් පරිපාලනය චීනයට දන්වා ඇත.
නැන්සි පොලෝසි තායිපේ අගනුවර බලා පැමිණියේ විශේෂ හමුදා ගුවන් යානයකිනි. ගතවුණු වසර 25 ඇතුළත, තායිවානයට පැමිණි ඉහළතම ඇමෙරිකන් දේශපාලනඥයා ලෙස පොලෝසි ය. පොලෝසි වෙනුවෙන් තායිපේ අගනුවර ආරක්ෂාව ද තර කර තිබුණි.
නැන්සි පොලෝසි සිය ආසියානු සංචාරය ආරම්භ කළේ සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව, ජපානය බලා යමිනි. ඇය තායිවානයට පැමිණෙන බව පෙර දැනුම් දී තිබුණේ නැත. එය හදිසියේ ගත් තීරණයක් බව පැවැසෙයි.
කෙසේ නමුත් නැන්සි පොලෝසි තායිවානයට පැමිණෙනු ඇතැයි චීන රජය සැක කළ අතර, චීන රජය දිගින් දිගටම ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළේ නැන්සි පෙලෝසි තායිවානයට පැමිණියහොත් බරපතල ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවය.
පොලෝසි, තායිපේ අගනුවරට පැමිණි සැණින්, චීන රජය එරට ඇමෙරිකන් තානාපති නිකලස් බර්න්ස් කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවත් අප්‍රසාදය පළ කළ බවත් චීන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඇමෙරිකාව සහ චීනය අතර පළුදු වී ඇති සබඳතා තවත් අවුල් වනු ඇතැයි ද චීනය ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කර තිබේ. මීට ප්‍රතිචාර දක්වමින් ධවල මන්දිරය චීන රජයට පවසා ඇත්තේ පෙලෝසියේ තායිවාන සංචාරය මුල්කොට ගනිමින් ඇමෙරිකාවත් චීනයත් අතර අර්බුදයක් ඇති කර ගැනීමට අවශ්‍ය නොමැති බවය.
පොලෝසිගේ තායිවාන සංචාරයට විරෝධය පළ කරමින් චීනය කායිවානයට ආසන්නයේ යුද අභ්‍යාසයක් ද ආරම්භ කළ අතර, චීන ප්‍රහාරක යානා තායිවාන ගුවන් සීමාව උල්ලංඝනය කළ බව ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්....