
විරෝධතා හේතුවෙන් නේපාලයේ කත්මණ්ඩු නගරය යුද පිටියක් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. විරෝධතාකරුවන් හමුවේ අසරණ වුණු නේපාල රජය, විරෝධතාකරුවන්ට හමුවේ හිස නවා පැනවූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට කටයුතු අද (9) අලුයමය.
එසේ වුවත්, සමාජ මාධ්‍ය තහනමට එරෙහි ආරම්භ වුණු විරෝධය, නේපාල රජයේ දූෂණවලට එරෙහි විරෝධයක් බවට පරිවර්තනය වී තිබුණි. විරෝධතා ඔඩුදීවීම ආරම්භ විය. ඇතැම් විරෝධතාකරුවන් ආයුධවලින් පවා සන්නද්ධ වී සිටිනු දකින්න ලැබෙන බව වාර්තාවේ.
නේපාල හමුදාව, එරට ඇමතිවරුන් ඔවුන්ගේ නිල නිවාසවලින් ඉවත් කිරීමට පියවර ගත් අතර, ඒ සඳහා හමුදා හෙලිකොප්ටර් භාවිතා කළේය. අරගලකරුවන් එරට කත්මණ්ඩු අගනුවර පිහිටි පාර්ලිමේන්තුවට ගිනි තැබූ බවත්, මැති ඇමැතිවරුන් කීප දෙනකු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ සිරවී සිටින බවත් නේපාල මාධ්‍ය වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd