පසුගිය නොවැම්බරයේ ප‍්‍රංශයේ පැරිස් නුවරදී 130 දෙනෙකුට මරු කැදවමින් දියත් වුනු ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිට සිරගත කර සිටින සැකකරුවකුගේ සොහොයුරා , බලධාරීන් හා සහයෝගයෙන් කටයුතු කරන ලෙසද, ඔවුන් හා අදහස් හුවමාරු කරගන්නා ලෙසද, ඔහුගෙන් ඉල්ලා ඇත.
සලෙහ් අබේසලාම් නම් වන මෙම සැකකරුවා පැරිස් ප‍්‍රහාරයට හවුල්වීයැයි සැකකෙරෙන පුද්ගලයින් අතරින් දැනට ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා වීමද විශේෂයකි.අනෙක් සැකකරුවෝ සියල්ලෝම ප‍්‍රහාර අතරතුර මරු වැළදගත්හ.
දින කිහිපයකට පෙර සලෙහ් වෙනුවෙන් ඒ දක්වා පෙනී සිටි නීතිඥවරුද ඔහුට සේවය ලබාදීමෙන් ඉවත්වන බව නිවේදනය කළහ.සලෙහ් දැනට රදවා සිටින්නේ බෙල්ජියමේ පිහිටි සිරගෙදරකය.අත්අඩංගුවට ගත් දිනයේ පටන් ඔහු බලධාරීන් සමග කිසිදු අදහසක් හුවමාරු කරනොගත් බව දැනගන්නට ඇත.
ඔහු සම්බන්ධයෙන් අදහස් දක්වන ඔහුගේ සොහොයුරු මොහොමඞ් අබෙසලම් පවසන්නේ තම සොහොයුරා ක‍්‍රමයෙන් ඔහුගේම ලෝකයකට සීමා වනුත්, කතාබහ හැකිතාක් අඩු කිරීමට තැත් කරනුත් තමාට හදුනාගැනීමට හැකිවූ බවයි.
'මම හිතන හැටියට එහෙම වෙන්න හේතුව තමයි ඔහු සිරගත කර තිබෙන්නේ ඉතාම අහිතකර තත්ත්වයන් යටතේ වීම.ඔහු ක‍්‍රමයෙන් නිශ්ශබ්ද වීමේ පුදුමයක් නැහැ.සමහර වෙලාවට මට හිතෙනවා ඔහු හිටියාටත් වඩා විප්ලවකාරී වෙලාද කියලත්,' මොහොමඞ් කියයි.
තම සොහොයුරා කතා නොකර සිටියහොත් එය පැරිස් ප‍්‍රහාරයෙන් ජීවත අහිමිවූවන්ගේ පවුල් වල සාමාජිකයින්ට මෙන්ම රටේ සියලූම දෙනාට තවත් පසුතැවිල්ලක් වනු ඇති බවත්, ඒ නිසාවෙන්ම බලධාරීන් හා අදහස් හුවමාරු කරගන්නා ලෙස තමා ඔහුගෙන් උදක්ම ඉල්ලා සිටින බවත්, මොහොමඞ් පවසයි.
පැරිස් ප‍්‍රහාර සැළසුම් කළේ යැයිද, ප‍්‍රහාරකයින් හට ගමන් පහසුකම් සැළසීයැයිද, සලෙහ් වෙත චෝදනා නැගී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කතා කරන්න ද දැන්.? (ර)