ප්‍රසංගයකදී අසභ්‍ය වචන භාවිත කිරීම හේතුවෙන් ලෝකප්‍රසිද්ධ ඇමරිකා  රැප් ගායක ෆිෆ්ටි සෙන්ට් හෙවත් කර්ටින් ජැක්සන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු සමග ඔහුගේ සංගීත කණ්ඩායමේ තවත් ගායකයකු ද අත්අඩංගුවට ගෙන ඇත.

කැරිබියන් දුපතක් වන ශාන්ත කිට්ස් දුපතේ පැවති ප්‍රසංගයක සින්දුවක් අතරතුර අසභ්‍ය වචන භාවිත කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉරිදා එම දුපතෙන් පිටව යාමට සුදානම් වූ නමුත් එම චෝදනාව සම්බන්ධයෙන් සඳුදා අධිකරණය වෙත පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

ඔහුට ඩොලර් 20,000ක් පමණ දඩ මුදලක් ගෙවීමට අධිකරණය නියෝග කළේය.

 කිට්ස් දුපතේ ප්‍රසිද්ධ ස්ථාන වල අසභ්‍ය වචන භාවිතය තහනම් කර තිබෙන්නේ මිට වසර ගණනාවකට පෙර බව සදහන් වේ.