අතුරුදන් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ගමන් කළ හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා ගැනීමට, සෝදිසි මෙහෙයුම් සිදු කරන නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් සමත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ වනවිට කණ්ඩායම් 73 ක් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු බවට සැක කෙරෙන කදුකර ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වල නියැලෙයි. ඝන මීදුම එම මෙහෙයුම්වලට බාධාවක් වී ඇත. හෙලිකොප්ටරය කඩා වැටෙන්න ඇත්තේ ද මෙම ඝන මීදුම නිසා යැයි පැවැසෙයි.
දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවන්නේ ඉරාන රතු අඩකව සංවිධානය සහ ඉරාන හමුදාව එක් වෙමිනි. තුර්කියෙන් තමන්ට ලැබුණු ඩ්‍රෝන යානායකට කඩා වැටුණු බව සැක කෙරෙන හෙලිකොප්ටරයේ සුන්බුන් හමුවුණු බව ඉරාන රතු අඩකව සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉරාන රජය කිසිවක් පවසා නැත.
මේ අතර ඉරාන රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ අතුරුදන් වුණු ජනාධිපතිවරයා සහ පිරිස වෙනුවෙන් යාඥා කරන ලෙසටය.
රුසියාව, චීනය සහ ගල්ෆ් සහයෝගීතා සංවිධානය ද ඉරාන ජනාධිපතිවරයා විපතට පත්වීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇතැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කඩා වැටුණු හෙලිකොප්ටරයේ සුන්බුන් හමුවෙලා ?
ලුම්බිණි Monday, 20 May 2024 08:23 AM
ඒ අතරේ අපේ ඉරාන තානාපති මිනිස්සු එක්ක ගහ ගන්නවා.