ඇලෙස්කාවේදී අනතුරට ලක් වී කඩා වැටුණු කුඩා මගී ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනීමට, මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි. ඇලෙස්කාව යනු ඇමෙරිකාවට අයත් ප්‍රාන්තයකි.
10 දෙනකු රැගත් ‘බේරිංග්’ ගුවන් සේවයට අයත් මෙම මගී ගුවන් යානය, ඇලස්කාවේ නෝම් නගරයට සැතපුම් 34ක් පමණ දුරින් වූ හිම සහ අයිස් පිරුණු කදුකර ප්‍රදේශයේ දී අතුරුදන් වුයේ පසුගිය 7 වැනිදා සවසය.
යානය, ඇලස්කා ප්‍රාන්තයේ උනලක්ලීට් සිට නෝම් නගරය තෙක් පියාසර කරමින් තිබුණු බව ද පැවැසෙයි. යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කරමින්, සෝදිසි මෙහෙයුම් ආරම්භ කෙරුණු අතර ඊට අයහපත් කාලගුණය හරස් විය.
කෙසේ නමුත් යානයේ සියලු දෙනා මියගිය බව තහවුරු වූයේ සුන්බුන් හමුවීමෙන් අනතුරුවය. මේ වනවිට තිදෙනකුගේ මළසිරුරු හමුවී ඇතැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කඩා වැටුණු යානයේ සුන්බුන් හමුවෙලා