ජාවා මුහුදට කඩා වැටුණු එයාර් ඒසියා යානයේ ගුවන් නියමු කුටියේ සවිකර තිබු හඩ පටිගත කිරීමේ යන්ත්‍රය කඩා වැටුනු යානයේ සැකිල්ලේ තිබී කිමිදුම්කරුවන් විසින් අද සොයාගත් බව ඉන්දුනීසියානු පරික්ෂකයන් පැවසු බව රොයිටර් පුවත් සේවය වාර්තා කලේය. මේ හේතුවෙන් මගීන් 162 ක් මරණයට පත්කරමින්  අනතුරට පත් යානාවේ අනතුරට හේතුව සොයා ගැනීමට හැකිවේ යැයි පර්යේෂකයෝ කියති.

ඉන්දුනීසියානු එයාර් ඒසියා අංක කිව්ඉසෙඩ් 8501 යානය හා ගුවන් පාලකවරුන් අතර තිබු සම්බන්ධතාවය අයහපත් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 28 වෙනි දින ඇණහිට තිබිණි. ඒ වන විට ඉන්දුනීසියාවේ දෙවැනි විශාලම නගරයේ වන සුරබයා සිට සිංගප්පූරුව තෙක් ගමන් කරමින් තිබු මෙම යානයේ ගුවන් ගමන් කාලයෙන් අඩක් පමණ අවසන් වී තිබිණි.

නියමු කුටියේ හඩ පටිගත කිරීමේ යන්ත්‍රය තුල අවසන් පැය දෙකේ ගුවන් නියමුවන් සහ ගුවන් ගමන් පාලකවරුන් අතර පැවැති සංවාදයේ හඬ පටයන් අඩංගුය.

සොයාගත් ගුවන් නියමු කුටියේ හඩ පටිගත කිරිමේ යන්ත්‍රය මේ වනවිට ඉන්දුනීසියානු නාවික යාත්‍රාවකට පටවා ඇති අතර එය ඉන්දුනීසියානු අගනුවර වන ජාකර්තා නගරයට දත්ත විශ්ලේෂණය පිණිස යැවීමට නියමිතය. මෙම යන්ත්‍රයේ ඇති දත්ත විශ්ලේෂණය සදහා මාසයක් පමණ ගතවනු ඇතැයි විමර්ෂකයෝ කියති.

ජාතික ප්‍රවාහන සහ ආරක්ෂාව පිලිබද කමිටුවේ විමර්ෂක සන්ටොසෝ සයොගෝ විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ කළු පෙට්ටිය සහ ගුවන් නියමු කුටියේ හඩ පටිගත කිරිමේ යන්ත්‍රය යන දෙකම සොයාගත් බව තමා ස්ථිර ලෙසම සහතික කරණු ලබන බවයි.

The flight data recorder of AirAsia QZ8501 is transferred to another container at the airbase in Pangkalan Bun