IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කඩා වැටුණු ඇඟලූම් කම්හලේ හිමිකරු පොලිස් අත්අඩංගුවට

පසුගියදා කඩාවැටුණු බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි මහල් අටකින් යුත් වෙළෙඳ සංකීර්ණයේ හිමිකරු ඊයේ(28) පොලිස් අත්අඩංගුවට පත්විය.
ගොඩනැගිල්ල කඩා වැටීමෙන් එහි සිටි 370කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. තවමත් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයා අඛණ්ඩ මෙහෙයුම් සිදු කෙරේ. දිවි ගලවාගැනීමේ මෙහෙයුම්වලදී 50කට අධික පිරිසක් බේරා ගැනීමට හැකි විණැයි සහන සේවකයෝ පවසති. 
අනාරක්ෂිත ලෙස නිසි ප‍්‍රමිතියකින් තොරව ගොඩනැගිලි ඉදි කර තිබීම එහි හිමිකරුට එල්ල වන චෝදනාවයි. එම චෝදනා යටතේ ඔහු අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බව ඩකා පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඇඟලූම් කම්හල් හිමිකරු ඉන්දියාවට පැන යාමට සූදානමින් සිටි බව එරට නියෝජ්‍ය ස්වදේශ කටයුතු ඇමැති ෂම්සුල් හක් සඳහන් කරයි.
කම්හල් හිමිකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දීය - බංග්ලාදේශ දේශසීමාබදව පිහිටි බෙනපෝල් නගරයේදීය. 
මේ අතර කඩාවැටුණු ගොඩනැගිල්ලේ පිහිටි කර්මාන්ත ශාලාවල හිමිකරුවන් තිදෙනෙක් පෙරේදා පොලිස් අත්අඩංගුවට පත්විය. සේවකයන්ගේ ජීවිත පිළිබඳව නොසැලකිලිවත්වීම ඔවුනට එල්ල වන මූලික චෝදනාවයි.



අදහස් (0)

කඩා වැටුණු ඇඟලූම් කම්හලේ හිමිකරු පොලිස් අත්අඩංගුවට

දයා අලහකොන් Monday, 29 April 2013 11:02 AM

මෙම අනතුරට වගකිවයුත්තෝ බොහෝ දෙනෙකු නීතිය යටතට හසුවීම හොද දෙයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 455 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16924 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site