කටාර් රාජ්‍යයේ හිටපු පාලකයක වූ ෂික් කලීෆා බින් හමාද් අල්තානි (84) අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

1972 සිට 1995 දක්වා ඔහු කටාර්හි එමීර්වරයා ලෙස කටයුතු කළේය.

ඔහුගේ මුණුපුරකු වන ෂික් තමීම් බින් හමාද් අල්තානි වර්තමාන කටාර් පාලකයා ලෙස කටයුතු කරයි.

කටාර් රජ මාලිගය ඔහුගේ වියෝව වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.