කටාර් රාජ්‍යයේ සේවය කරන සියලුම සේවකයින්ගේ අවම වැටුප රියාල් දහසක් දක්වා ඉහළ දමා ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කටාර් රාජ්‍ය කාර්යාලය පවසයි.

එය මෙරට කටාර් තානාපති කාර්යාලය මගින් ද සහතික කර ඇත. මේ අනුව විදේශ ශ්‍රමිකයන්ට අවම සේවක වැටුප් නිර්ණායක තීරණය කළ මැදපෙරදිග කලාපයේ ප්‍රථම රට කටාර් රාජ්‍ය වේ.

මෙම අවම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය කටාර් හි සේවය කරන සියලු ම විදේශ ශ්‍රමිකයන්ට බලපැවැත්වෙන අතර, ආයතන හෝ නිවාසවල සේවය කරන සේවකයන්ද ඊට ඇතුළත් වේ.