IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


කටාර් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළට

දිනක් ඇතුළත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 238 සිට 262 දක්වා ඉහළ ගොස් ඇතැයි කටාර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අද (11) නිවේදනය කළේය.

එක් වර ප්‍රජාවකට ආසාදනය වීමේ ප්‍රතිඵලයක් ලෙස කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මෙලෙස එක්වර යන්නට ඇතැයි ද කටාර් සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු ඇඟවීය.

කටාර් රාජ්‍යයෙන් මෙතෙක් කිසිඳු කොරෝනා මරණයක් වාර්තා වී නොමැති නමුත් සියලු පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමටත් මහජනතාව එක්රැස් වන උත්සව හා ඉසව් යනාදිය අවලංගු කිරීමට බලධාරීහු පියවර ගෙන ඇත.

‘මොටෝජීපී’ තරගාවලිය අවලංගු කිරීමටත් රටවල් 14 කින් පැමිණෙන සංචාරකයන්ට රටට ඇතුළු වීම තහනම් කිරීමට කටාර් බලධාරීහු ඉකුත් දා පියවර ගත්හ.

ඒ.එෆ්.පී.

055



අදහස් (4)

කටාර් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළට

mihira Wednesday, 11 March 2020 08:02 PM

මෙ රටේ උත්සව තහනම් කියන එක අමුලික බොරැ කතාවක්. වගකිමෙන් කියන්නෙ කිසිම ආරකෂාවක් තවමනමි නෑ

:       3       9

de silva Thursday, 12 March 2020 07:08 AM

මොවුන් (අරාබි රටවල් ) මේ තහනම් නියෝග නිකුත් කරනකොට බලන්නේ කිසිම විද්‍යාත්මක ක්‍රමයකට නොවේ. මුලින්ම තුන්වෙනි ලෝකයේ දුප්පත් කුඩා රටවල් වන ලංකාව, බංගලාදේශය, නේපාලය වැනි රටවලට තහනම් නීති පනවනවා. නමුත් ලංකාවේ මෙතුවක් සොයාගෙන තිබෙන්නේ කොරෝනා රෝගියෝ 2 යි. නමුත් කටාර් වල 262 ක් ඉන්නවා. කොරෝනා වෛරස් එක පැතිරෙන්නේ සහ රෝගීන්ට දරුණු ලෙස රෝග ලක්ෂණ ඇතිවෙන්නේ 29°C වලට අඩු උෂ්ණත්වයක් පවතිනකොටයි. අරාබි රටවල හැමතැනම වායුසමීකරණ ය කරලා තිබෙන නිසා වෛරස් එකට බෝ වෙන්න පහසුයි. වායුසමීකරණ යන්ත්‍ර තුළ ඇති ෆිල්ටර් එකේ මෙම වෛරස් රැදිලා තම වර්ගය පහසුවෙන් බෝ කරගැනීමත් එම තුළින් දිගින් දිගටම බෙදාහැරීමක් සිදු වෙන නිසා එම රටවල මෙම රෝගය පහසුවෙන් බෝ වෙනවා.

:       0       2

mihiraThursday, 12 March 2020 01:16 PM

මෙහෙම කතා කියන්න එපා... කව්ද ඔය කතාව කිව්වේ?

:       0       0

mihira Thursday, 12 March 2020 01:17 PM

අන්ලයික් කරපු කෙනා කොහේ ඉන්න කෙනෙක්ද? මොනවාද අරන් තියන ක්‍රියාමාර්ග...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 467 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 312 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 472 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site