කටාර්හි ඒමීර් ෂීක් ටමිම් බින් හමාඞ් අල් තනි මෙම මස 24 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.

ඉන්දියාවල පකිස්තානය හා ශී‍්‍ර ලංකාව ආවරණය කෙරෙන එමීර්වරයාගේ ආසියා සංචාරයේ එක් අදියරක් ලෙස මෙසේ ඔහු ශී‍්‍ර ලංකාවට පැමිණෙන බව සදහන් වේ.

ඔහුගේ ශී‍්‍ර ලංකා සංචාරය අතරතුරේදී කටාර් රාජ්‍යය හා ශී‍්‍ර ලංකාව අතර තරුණ සංවර්ධන කටයුතු,කී‍්‍රඩා සංවර්ධන කටයුතු,තොරතුරු හුවමාරුව,සන්නිවේදනය,තොරතුරු තාක්ෂණය ආදී ක්ෂේත‍්‍රයන් නියෝජනය වන අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ශී‍්‍ර ලංකා රජය සැළසුම් කර තිබෙන බවද වාර්තා වේ.