මුහම්මද් තුමා සම්බන්ධකරගනිමින් කාටූන් නිර්මාණය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ඩලාස් නගරයේ පැවති සම්මන්ත්‍රණයක අතරතු වෙඩි තැබීමක් කළ පුද්ගලයන් දෙදෙනකු පොලිස් වෙඩිපහරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සම්මන්ත්‍රණය පැවති ගොඩනැගිල්ලේ ආරක්ෂකයකු ඔවුනගේ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇතැයි ද පැවසේ.
ඇමෙරිකාවේ නිව්යෝක් නගරය ආසන්නයේදී ඉස්ලාමීය ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට විරෝධය දක්වන සංවිධානයක් විසින් මෙම කතිකාවත සංවිධානය කර ඇති බවද බී.බී.සී.ය කියයි.
මෙම වසරේ ජනවාරි මාසයේදී ප්‍රංශයේ චාර්ලි හෙබ්දෝ මාධ්‍ය ආයතනයට කඩා වැදුණු තුවක්කුකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගිය අතර, එම මාධ්‍ය ආයතනයද ආගමික ශාස්තෘවරයෙකුගේ කාටූන් පළ කිරීම මෙම වෙඩි තැබීමට හේතු වී තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ආගමික නායකයන්ගේත් කාටූන් පළවෙනවා. නමුත් ඒ ආගමිකයො මෙහෙම දඟලන්නෙ නැහැ (නි)
නාමල් ඔබගේ අදහන ආගමික ශාස්තෘවරයෙකුගේ කාටූන් පලවී තිබුනොත් ඔබේ පිළිතුර වෙනස් වෙන්න තිබුන.ටිකක් මධ්‍යස්ථව හිතන්න, හරි දෙයට හරි කියන්නත් වැරදි දෙයට වැරදි කියන්නත් පුරුදු වෙන්න.අද අපට සිදුවුන දෙය හෙට ඔබට සිදුවිය හැක. සම්මන්ත්‍රණයක අතරතු අතර සිදුවුන වෙඩි තැබීම මමත් අනුමත නොකරමි.එම වැරදි ක්‍රියාව තරයේ හෙලා දකින්නෙමි...(බ)
බලාගෙන, සන්හිඳියාවට හානියක් වෙයි (නි)
ඇමරිකානු මානසික මෙහයුමක් .(හේ)
නාමල් ඔබ හරි ...ස්තූතියි (බ)
නාමල්, මෙතන වෙලා තියෙන දේ හරියට පැහැදිලි කරගෙන නැහැ මිනිස්සු කවුරුත් ඇවිස්සෙනවා. ඒක හැටියක්. ලංකාවේ එහෙම වෙලා නැද්ද? ලෝකයේ මෙච්චර ස්වභාවික විපත් සිදුවන වෙලාවේ මේ වගේ දේවල්ද කර කර ඉන්නේ? (නි)
අසංග ඔබ හරි !(හේ)