දෑතම අහිමි මුත් කටින් සිරකරගත් ටෙනිස් පිත්ත ඇතිව ලෝක ශූර ක්‍රීඩකයින් හා හරිහරියට මේස පන්දු ක්‍රීඩාවේ යෙදෙන්නෙකි ඊජිප්තු ජාතික ඊබ්‍රාහිම් හමාටෝ.
ඉතා දක්ෂ මේස පන්දු ක්‍රීඩකයෙකු වන ඔහුගේ දෙඅත අහිමි වී ඇත්තේ හදිිසි අනතුරකිනි.බොහෝ දෙනා එවැනි අනතුරකින් පසුව අනාගතය පිළිබඳ බලාපොරොත්තු අත්හැර ගත්තද තමා එසේ නොසිතූ බව ඔහු කියයි.
‘මේස පන්දු කියන්නේ මම ඉතාම කැමති ක්‍රීඩාවක්. ඉතින් අත් නැතිවුනයි කියලා ඒකට සමුදෙන්න මම ලෑස්ති වුනේ නැහැ.මම එක එක විධි වලට ටෙනිස් පිත්ත අල්ලන්ට උත්සාහ කළා.එක පාරක් කිහිල්ලේ සිරකරගෙන ක්‍රීඩා කරන්න හැදුවත් ඒක හරිගියේ නැහැ.අන්තිමට කටේ පිත්ත හිරකරගෙන ක්‍රීඩා කරන්න බැලූවා. ඒක හරිගියා‘ ඔහු පවසයි.
මේ ආකාරයට පුහුණුවූ ඔහු අවසානයේ ලෝක පූජිත ක්‍රීඩකයින් හා තරගවට වලට සහභාගී වීමට තරමේ ප්‍රගතියක් ලබා ගෙන ඇත.
නොපසුබට උත්සාහය තම සාර්ථකත්වය පසුපස ඇති බව ඔහු කියයි.
‘නොකළ හැකි කිසිදෙයක් නැහැ.අවශ්‍ය වන්නේ කැපවී වැඩ කිරීම පමණයි.‘ ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෙනිස් පිත්ත හා මේස පන්දු පිත්ත අතර ලොකු වෙනසක් තියෙනවා , (දී)
ඕක මොකක්ද අපේ රටේ කටින් බතල හිටවන කට්ටිය බැලුවම..ඔය අපේ අනුර කුමාර මහත්තය ඉන්න රැස්වීමක් බලන්න යන්නකෝ..කතාවක් අහන්නකො..(ස)
ටෙනිස් පිත්තෙන් මේස පන්දු ක්‍රීඩාවේ යෙදෙන්න ඔහුට පුලුවන්ද? (නි)
අවශ්‍යතාවය සහ උනන්දුව ඇත්නම් කළ නොහැක්කක් නොමැත (නි)