දෑතම අහිමි මුත් කටින් සිරකරගත් ටෙනිස් පිත්ත ඇතිව ලෝක ශූර ක්‍රීඩකයින් හා හරිහරියට මේස පන්දු ක්‍රීඩාවේ යෙදෙන්නෙකි ඊජිප්තු ජාතික ඊබ්‍රාහිම් හමාටෝ.
ඉතා දක්ෂ මේස පන්දු ක්‍රීඩකයෙකු වන ඔහුගේ දෙඅත අහිමි වී ඇත්තේ හදිිසි අනතුරකිනි.බොහෝ දෙනා එවැනි අනතුරකින් පසුව අනාගතය පිළිබඳ බලාපොරොත්තු අත්හැර ගත්තද තමා එසේ නොසිතූ බව ඔහු කියයි.
‘මේස පන්දු කියන්නේ මම ඉතාම කැමති ක්‍රීඩාවක්. ඉතින් අත් නැතිවුනයි කියලා ඒකට සමුදෙන්න මම ලෑස්ති වුනේ නැහැ.මම එක එක විධි වලට ටෙනිස් පිත්ත අල්ලන්ට උත්සාහ කළා.එක පාරක් කිහිල්ලේ සිරකරගෙන ක්‍රීඩා කරන්න හැදුවත් ඒක හරිගියේ නැහැ.අන්තිමට කටේ පිත්ත හිරකරගෙන ක්‍රීඩා කරන්න බැලූවා. ඒක හරිගියා‘ ඔහු පවසයි.
මේ ආකාරයට පුහුණුවූ ඔහු අවසානයේ ලෝක පූජිත ක්‍රීඩකයින් හා තරගවට වලට සහභාගී වීමට තරමේ ප්‍රගතියක් ලබා ගෙන ඇත.
නොපසුබට උත්සාහය තම සාර්ථකත්වය පසුපස ඇති බව ඔහු කියයි.
‘නොකළ හැකි කිසිදෙයක් නැහැ.අවශ්‍ය වන්නේ කැපවී වැඩ කිරීම පමණයි.‘ ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටින් ටෙනිස් ගසයි
සමන් පෙරේරා සෞදි Thursday, 22 May 2014 01:48 PM
ටෙනිස් පිත්ත හා මේස පන්දු පිත්ත අතර ලොකු වෙනසක් තියෙනවා , (දී)
ලංකා තිලක් Wednesday, 21 May 2014 10:42 AM
ඕක මොකක්ද අපේ රටේ කටින් බතල හිටවන කට්ටිය බැලුවම..ඔය අපේ අනුර කුමාර මහත්තය ඉන්න රැස්වීමක් බලන්න යන්නකෝ..කතාවක් අහන්නකො..(ස)
ප්‍රසන්න Wednesday, 21 May 2014 05:37 PM
ටෙනිස් පිත්තෙන් මේස පන්දු ක්‍රීඩාවේ යෙදෙන්න ඔහුට පුලුවන්ද? (නි)
සේනක Tuesday, 20 May 2014 08:22 PM
අවශ්‍යතාවය සහ උනන්දුව ඇත්නම් කළ නොහැක්කක් නොමැත (නි)