ටියුනීසියානු අගනුවර පිහිටි බාර්ඩෝ කෞතුකාගාරයට එල්ල කරණ ලද තුවක්කු ප්‍රහාරයකදී පුද්ගලයින් 19 දෙනෙක් මියගොස් 40 කට වැඩි ගණනක් තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිස අතරින් 17 දෙනෙක්ම ජපානය,ඉතාලිය,කොලොම්බියාව,ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, පෝලන්තය, සහ ස්පාඤඤ යන රටවලින් පැමිණි සංචාරකයන් බව ද එම ප්‍රවෘත්ති වාර්තාවල දැක්වේ. මියගිය ඉතිරි දෙදෙනා ටියුනිසියාවේ වැසියන්වන අතර ඉන් එක් අයෙක් පොලිස් නිලධාරියෙකි.
ආරක්ෂක හමුදා විසින් ප්‍රහාරය එල්ල කරණ ලද තුවක්කු කරුවන් දෙදෙනෙක් මරා දමා ඇති අතර ප්‍රහාරයට සම්බන්ධ ඉතිරි තුවක්කු කරුවන් සොයා මෙහෙයුම් දියත්කැර ඇත.මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ටියුනිසියානු ජනාධිපති බේජි කේයිඩ් එසෙබ්සි පවසා ඇත්තේ තම රට ත්‍රස්තාවාදය සමග යුද්ධයකට අවතීර්ණ වු බවයි. ජනාධිපතිවරයා එරට රූපවාහිනියට පවසා ඇත්තේ මෙම ත්‍රස්තක්‍රියා මගින් තමන් බිය වැද්දීමට නොහැකි බවත් ත්‍රස්තවාදය මුලින් උපුටා දමන තෙක් කිසිම සමාවක් නොදී මර්ධනය කිරීමට පියවර ගන්නා බවත්ය. ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහනය කරණ බවත් එය සුරැකෙන බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.
එක්සත් ජාතින්ගේ මහ ලේකම් බැන් කී මුන් ද තවත් ලෝක නායකයන් කීපදෙනෙකුද මෙම ප්‍රහාරය හෙලා දකිමින් නිවේදන නිකුත් කර තිබේ.
ටියුනීසියාවේ ප්‍රධානම ආදායම් මාර්ගය සංචාරක කර්මාන්තයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර හයකට පෙර අපිත් වින්දා ඔය දුක් (ම)