ටියුනීසියානු අගනුවර පිහිටි බාර්ඩෝ කෞතුකාගාරයට එල්ල කරණ ලද තුවක්කු ප්‍රහාරයකදී පුද්ගලයින් 19 දෙනෙක් මියගොස් 40 කට වැඩි ගණනක් තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිස අතරින් 17 දෙනෙක්ම ජපානය,ඉතාලිය,කොලොම්බියාව,ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, පෝලන්තය, සහ ස්පාඤඤ යන රටවලින් පැමිණි සංචාරකයන් බව ද එම ප්‍රවෘත්ති වාර්තාවල දැක්වේ. මියගිය ඉතිරි දෙදෙනා ටියුනිසියාවේ වැසියන්වන අතර ඉන් එක් අයෙක් පොලිස් නිලධාරියෙකි.
ආරක්ෂක හමුදා විසින් ප්‍රහාරය එල්ල කරණ ලද තුවක්කු කරුවන් දෙදෙනෙක් මරා දමා ඇති අතර ප්‍රහාරයට සම්බන්ධ ඉතිරි තුවක්කු කරුවන් සොයා මෙහෙයුම් දියත්කැර ඇත.මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ටියුනිසියානු ජනාධිපති බේජි කේයිඩ් එසෙබ්සි පවසා ඇත්තේ තම රට ත්‍රස්තාවාදය සමග යුද්ධයකට අවතීර්ණ වු බවයි. ජනාධිපතිවරයා එරට රූපවාහිනියට පවසා ඇත්තේ මෙම ත්‍රස්තක්‍රියා මගින් තමන් බිය වැද්දීමට නොහැකි බවත් ත්‍රස්තවාදය මුලින් උපුටා දමන තෙක් කිසිම සමාවක් නොදී මර්ධනය කිරීමට පියවර ගන්නා බවත්ය. ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහනය කරණ බවත් එය සුරැකෙන බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.
එක්සත් ජාතින්ගේ මහ ලේකම් බැන් කී මුන් ද තවත් ලෝක නායකයන් කීපදෙනෙකුද මෙම ප්‍රහාරය හෙලා දකිමින් නිවේදන නිකුත් කර තිබේ.
ටියුනීසියාවේ ප්‍රධානම ආදායම් මාර්ගය සංචාරක කර්මාන්තයයි.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටුගේ ලේ විලක් වෙයි
දුමින්ද Monday, 23 March 2015 02:25 AM
වසර හයකට පෙර අපිත් වින්දා ඔය දුක් (ම)