ශ්රී ලංකාවේ කොටි ත්‍රස්තවාදී ක්‍රියාදාමය පැවති කාලයේ එංගලන්තයේ කොටි හිතවාදීන් විසින් එවකට පැවති ශ්‍රී ලංකා රජයේ සහ හමුදා සහ පොලිසියේ ක්‍රියාමාර්ග විවේචනය කරමින් සහ ඒවාට විරෝධය පළකරමින් සංවිධානය කෙරුණු රැස්වීම්, විරෝධතා පෙළපාලි සහ ප්‍රචාරක කටයුතු සඳහා පෞද්ගලිකව සහභාගිවෙමින් දේශනා පවත්වමින් සහ නිවේදන නිකුත් කරමින් කටයුතු කළ බවට ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු විසින් චෝදනා එල්ල කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙරමි කෝර්බින් කිසිවෙක් බලාපොරොත්තු නොවූ අන්දමට කම්කරු පක්ෂයේ නායකත්වයට තේරී පත්විය. ඒ සමඟම ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විපක්ෂ නායක තනතුරටද පත්විය.
පක්ෂ නායකත්වය සඳහා සෙනසුරාදා ලන්ඩන් නුවරදී පැවැත්වුන මැතිවරණයේදී කම්කරු පක්ෂයේ සාමාජිකයින් ලක්ෂ 4 කට සමීප පිරිසක් ඡන්දය පාවිච්චිකර තිබුන අතර එඅතරින් 60% ක් පමණ 66 හැවිරිදි ජෙරමි කෝර්බින් නායකයා ලෙස පත්විය යුතු බව ප්‍රකාශකර තිබුණි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පසුගිය වසර 32ක් පසුපෙළ මන්ත්‍රී වරයෙක් ලෙස ක්‍රියාකළ ඔහු ඒ කාලයේදී තම පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනා සඳහා 500 වතාවකටත් වඩා විරුද්ධව ඡන්දය පාවිච්චි කළ රැඩිකල්වාදී දේශපාලඥයෙකි.
ඔහු නායකත්වයට පත්වීමත් සමඟම කම්කරු පක්ෂයේ මුල්පෙළේ සාමාජිකයින් 8 දෙනෙකු "ඡායා ඇමති මණ්ඩලයේ" තනතුරුවලින් ඉල්ලා අස්විය. ඒ අතර හිටපු කම්කරු පක්ෂ නායකයාද වෙයි.
ඉදිරි දින කිහිපය තුළ කෝර්බින්ගේ නායකත්වය යටතේ කම්කරු පක්ෂයේ මුල්පෙළේ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු එම තනතුරු අත්හැරීමට ඉඩ ඇති බවද ප්‍රසිද්ධ විය.
කෝර්බින් කම්කරු පක්ෂ නායකත්වයට පත්ව සුළු වෙලාවකින් ලන්ඩන් නුවර පාර්ලිමේන්තු චතුරශ්‍රයේ පැවැත්වුණු මේ දිනවල යුරෝපයට පැමිණෙන සරණාගතයින් හට සහාය දැක්වීමේ දැවැන්ත රැළියකට සහභාගී විය. එහිදී ඔහු ප්‍රකාශ කළේ සිරියාවේ අයි එස් අයි එස් හමුදා කණ්ඩායම් සඳහා බ්‍රිතාන්‍ය හමුදා සිදුකරන ප්‍රහාර වහාම නැවැත්විය යුතු බවයි.
ජෙරමි කෝර්බින් වාමාංශික දේශපාලනය ඇලුම් කරන තරුණ තරුණයින්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත්ව ඇති සරල ජිවිතයක් ගෙනයන දේශපාලඥයෙකි. පසුගිය මැතිවරණයෙන් කම්කරු පක්ෂය පරාජයවූ පසු මැතිවරණය සඳහා පක්ෂය මෙහෙයවූ එඩ්වර්ඩ් මිලිබෑන්ඩ් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය. ඒ අවස්ථාවේදී පක්ෂ නායකත්වය සඳහා ඉල්ලුම්පත් කැඳවනු ලැබිය.
"නායකත්ව තරඟයට ඉදිරිපත්වූ කෝර්බින් මුල් දවසේ සිටම ඔහු වටා සිටි තරුණ පිරිස් බොහෝ සංඛ්‍යාවක් පක්ෂ සාමාජිකයින් ලෙස බඳවා ගැනීමට ක්‍රියා කළ බවත් ඒ තුළින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය එම තරුණ සාමාජිකයින්හට ලබාගැනීමට හැකිවූ බවත් ඔහුගේ අනපේක්ෂිත ජයග්‍රහණයේ රහස එය බවත්" දේශපාලන නිරීක්ෂකයෝ පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්න තියෙන දේ වළක්වන්න බැහැ (නි)
මේකේ අදහස් දමන සමහර අය හිතාගෙන ඉන්නේ එයාලා ලංකාවේ පළවන පන්තියේ අය කියලා. නමුත් එයාලගේ අදහස් වලින්ම පේනවා තවම ඒගොල්ලෝ තුන්වෙනි පන්තියේ අය කියලා (නි)
මෙතන ලියන එංගලන්තේ ඉන්නවා කියන චූටි බබාලා එහාට ඊයේ පෙරේදා අම්මලා එක්ක ගිහින් ඔඩොක්කුවෙන් බිම තියලා තියෙන්නේ බොහොම ළගදි වගෙයි (නි)
අබුද්දස්ස කාලෙනේ... (නි)
ලංකාවේ දොස්තරලා මේ එංගලන්තයේ බස් රියදුරු වශයෙන් රැකියාව කරනවා මට මුණගැසී තිබෙනවා.දොස්තරලාත් නැතුවාම නෙමෙයි. එහෙත් ගොඩක් දොස්තරලා ගෙදරින් නලාව එළියට පෙනෙන්න අරගෙන ගිහින් කරන්නේ වෙනත් රැකියා. මා මෙය හොඳින් දන්නා දෙයක්. මඩ ගැසීමක් නොව , ඇත්ත පැහැදිලි කිරීමක්. එංගලන්ත ජීවිතය බලන්න එහෙට ගියාම තේරෙනවා. එංගලන්තයේ අයට වඩා හොඳින් කාලා බිල්ලා විනෝදවන අනික් යුරෝපිය රටවල සිංහලුන් , කලින් කියලා නොගියොත් තේ එකක්වත් නොදී තමයි ඉන්නේ (නි)
යහම්පත් කියලා තියන එක හරියටම හරි (නි)
මේ යහම්පත්ට විශ්වාස කළහැකි ඊමේල් ලිපිනයක් දෙනවා නම් මෙහි සිටින වැදගත් වෘත්තිකයන්ගේ නම් ලැයිස්තුවක් මෙයාට දෙන්න පුළුවන්. බලාගන්න.අපි ළඟටත් එනවා මේ වාගේ අය බෙහෙත් ගන්න.මෙවැනි මිනිසුන් ගැන අප තරහා ගන්නේ නැහැ, අනුකම්පාවෙන් බෙහෙත් කරනවා මිසක්. (නි)
අපිට අඳින අංචි උන්ට පත්තු වෙන්න යන්නේ (බ)
යහම්පත්, එංගලන්තයේ බස් රියැදුරෙකු පවා සැපපහසුවෙන් ජීවත්විය හැකි වැටුපක් ලබනවා. ලංකාවේ වගේ රස්සාවෙන් මිනිස්සු මනින සංස්කෘතියක් සුද්දන් අතර නැහැ (නි)
අපි හැමදාම කළේ කොටින් කරන වැඩ ගැන කතා කරන එක විතරයි ,ඇයි අපේ එංගලන්තේ ඉන්න කට්ටියට මුකුත් කරන්න බැරි, ආණ්ඩුවේ ලොක්කෙක් එංගලන්තෙට අාපු දවසට ලංකාවට ආදරේ කී දෙනෙක් අපිට දකින්න ලැබෙනවද. සාලිය සුද්දට බනින්න එපා.මොකද අපේ හරක් දැන් සුද්දව කනවා (බ)
ත්‍රස්තවාදය පරාජය වුණාට මතවාදය ලියලනවා (අ)
ඔව් ප්‍රසන්න, මේ රට අතහැරලා " ඊනියා සැප සම්පත් " හොයාගෙන ඔය රටවල් වලට (විශ්ෂයෙන් එංගලන්තයට ) ගියාම ලැබෙන දෙවන පන්තියේ සැළකිලි එයාලා දන්නවා. ඒකයි සුද්දන්ට බනිනකොට ඔච්චර තරහා යන්නේ. සුද්දන්ගේ හොඳ ගති තියනවා. ඒක වෙනම කතාවක්. නමුත් එංගලන්තේ අය වෙනස්. ඔය මෙහෙන් ගිහින් සුද්දෝ වෙන්න හදන "අයියලා " බහුතරයක් ජීවිතේ අවසාන කාලේදී ආපහු මෙහාටම බඩගනවා. මම මේ මිනිස්සු රට යනවට විරුද්ධව කතාකරනවා නෙමෙයි. මම මේ කිව්වේ මගේ අත්දැකීම් වලිනුත් එක්ක (නි)
ඔය එංගලන්තයට ආවඩන බහුතර සිංහලයන් එහෙ ඉන්නේ දෙවෙනි පන්තියේ පුරවැසියන් හෝ තුන්වන පන්තියේ ශ්‍රමිකයන් වාගේ. අපිට වඩා තැනක් ඉන්දියන්කාරයන්ට එංගලන්තයේ තියෙනවා. දමිළයන් පවා සිංහලුන්ට වඩා ඉහළ විදියට පිළිගන්නවා. අපේ අය සුද්දෝ වෙන්න හදන්නේ එහෙ ඉඳලා ලංකාවට ආවහම හෝ මේ වාගේ පුවතකට ප්‍රතිචාර දානකොට (නි)
හොඳයි හොඳයි. ඔහොම යමුකෝ! (නි)
අමෙරිකාවෙන් හිලරි අාවොත් තකට තක. එ් දෙන්නටම අර එල් ටි ටි ඊ පනුගාය තියනව. (බ)
යහම්පත් නමින් පෙනීසිටින පුද්ගලයාගේ ද්වේශකාරී අදහස් සුපරික්ෂාකාරීව විමර්ශනය කරන ඕනෑම බුද්ධිමතෙකුට තේරෙනවා මොහු බුද්ධියෙන් පරිණතවුවෙක් නොවන බව.එංගලන්තයේ ජීවත්වෙන මිනිසුන් ගැන මොහු මෙතරම් තරහකින් ඉන්නේ කිසියම් මානසික අසහනයකින් පෙළෙන නිසා යයි පෙනෙන්නට තිබේ. හොඳ මානසික වෙදෙක් ගාවට ගොස් බෙහෙතක් ගන්නේ නම් සුව වේ යැයි සිතමි. එංගලතයේ ජීවත්වෙන මිනිසුන් ඔහු කියන තරම් නොවන බව මෙහි බොහෝ කලක් ජීවත්වෙන පුරවැසියෙක් හැටියට සඳහන් කිරීමට කැමැත්තෙමි (නි)
කවුරු වුණත් මොහුගේ සම්ප්‍රාප්තිය නම් එංගලන්තයට අවාසි ගෙනඑන්නක් වීමට ඉඩ ඇත. මෙහි ප්‍රතිඵලය වෙන්නේ, රිපබ්ලිකන්වරුන්ට(දක්ෂිණාංශිකයන්ට) යහතින් තව ටික කාලයක් වැජඹීමට හැකිවීම නොවේද? (නි)
මොවුන්ට රටේ පිරිසිදු ඉංග්‍රීසි ජාතියන්ගේ ඡන්දෙන් කවදාවත් බලයට එන්නට බැරී නිසා , වෙනත් රටවලින් පාමින් දේශපාලන රැකවරණ ගත් සහ එංගලන්තයේ පුරවැසි බවය ලත් වෙනත් ජාතීන්ගේ පිහිට විතරයි , කොටින් පමණක් නොව , ලෝකයේ සිව් කොනින් පැමිණ සිටින ත්‍රස්තවාදීන්ගේ සහ විවිධ ජාතීන්ගේ සහය ලැබෙනවා , එහෙත් ඡන්දයෙන් ජය ගැනීම විශ්වාස නැහැ (බ)
ඒ කාලේ උල්ලංඝනය වුණ මානව හිමිකම් විවේචනය කළ හැමෝම කොටි හිතවාදියො නෙමෙයිනේ. මම එංගලන්තයේ ඉන්නේ. (නි)
රවී වැස්සකටවත් එන්ගලන්තයට ගොඩවෙලා තියෙනවද? ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද කියලා දන්නවද? බ්‍රිතාන්‍යයේ තමා ලෝකේ හොදම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ.ඔයා ඔය දෙහිකපන සුද්දො තමා ලංකාවට වැඩිපුරම ආධාර (චීන ණය නෙමෙයි) දෙන්නේ. ලංකාවෙන් අපනයන මිලට ගන්නේ. (නි)
රවී, මුලින්ම එංගලන්තයට ඇවිල්ලා බලන්න. ඊටපස්සේ කට අරින්න. (නි)
ඒකනේ කියන්නේ සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි කියලා (නි)
මම ඉන්නෙත් බ්‍රිතාන්‍යයේ. මට නම් මේ මහත්මයා පෙනෙන්නේ බ්‍රිතාන්‍ය දුප්පත් රටවලින් එන මිනිසුන්ට මීට වඩා සහන සැළසිය යුතුයැයි හිතන, ජාතිවාදයට විරුද්ධ මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටින හොඳ මහත්මයෙක් ලෙසයි. (නි)
වීරතුංග මම එංගලන්තයේ ජීවත්වන්නේ අවුරුදු 35 ක කාලයක සිට , මට එංගලන්තය ගැන උගන්වන්න අවශ්‍ය නැහැ , (අ)
කැප්පෙටි පොළ පුරනප්පු වැනි වීරයන් පර සුද්දව මේ රටන් පැන්නීමට ජීවිතය පුජාකළ අපි නිවහල් ජාතියක් අපි දියුණු වෙන්න කාගෙවත් උදව් ඕනේ නැහැ සැම සම්පතක්ම තිබෙන ඇති සුන්දර රටක් පර සුද්දෝ අපේ රට බලෙන් අල්ලා විනාශ කෙරුව පරගැති වහල් මනසිකයක් ඇති පුද්ගලයෝ තමය අපේ රට දියුණු කරන්නට බධාවක්ව ඉන්නේ (අ)
මමත් එංගලන්තයේ අවුරුදු 30 ක පමණ කාලයක් කන්තෝරු ( ඔෆිස් ) පිරිසිදුකිරීමේ රැකියාවක් කරන්නේ. මම ලබන වැටුපෙන් මම මෙහෙ මටම කියා ගෙයක් අරගෙන ණය ගෙවා එය මටම හිමිකර ගත්තා. දොස්තර වුනත් බස් රියදුරු වුණත්, ගෙවල් වල පිරිසිදුකරන්නන් වුණත් මෙහෙ ලබන වැටුපෙන් ඉතා සැපවත් සහ හොඳ ආර්ථික තත්වයකින් ජීවත්වන්න පුළුවන්. (නි)
සිද්ධවෙන දේවල් ගැන නම් හිතාගන්නත් අමාරුයි (නි)
එංගලන්තයේ අවසානයද? (නි)
අපේ රට දියුණු නොවන්නේ දේශාපලඥයෝ හොරකම් කරන නිසා,රජයේ ආයතන වල හරියට වැඩ නොකරන නිසා. සුද්දා ලංකාවෙන් ගිහිල්ලා දැන් අවුරුදු 60 වුණා. ඊටපස්සේ මොකක්ද අපි ලැබූ දියුණුව? (නි)
අහෝ ඛේදයකි !!එංගලන්තයට එන්නට බැරිවීම ගැන සමහර ළිං මැඩියෝ හඬන බවකි.අවරුදු 30ක් එංගලන්තයේ වෛද්‍ය සේවයේ නිරත වූවකු වශයෙන් පවසන්නට ඇත්තේ කයිවාරුව නවතා කෙසේ හෝ මුදල් ටිකක් සොයා එංගලන්තයට පැමිණ සත්‍ය තාවය සොයා බලා අදහස් ප්‍රකාශ කරන ලෙසටයි. (බ)
සෙනෙවි, විජිත් සහ අනුර සහතික ඇත්ත කිව්වේ. මමත් ස්වීඩන් වල ඉගෙනගෙන එංගලන්තයට ඇවිල්ලා දැන් අවරුදු 18ක් දොස්තර කෙනෙක හැටියට වැඩ කරනවා. මෙහෙ ඉන්න ලකාවේ දොස්තරලා බලන්න මෙහාට ඇවිල්ලාම බලන්න. අපේ දොස්තරලා මෙහෙ ලංකාවෙ නම තියාගෙන හොඳට මෙහෙ වැඩකරනවා. මට ලංකාවෙ රියදුරන්වත් මුණගැහිලා තියෙනවා. ඒගොල්ලොත් හොඳ පඩියක් අරගෙන සැපට ජීවත්වෙනවා මෙහෙ. (නි)
යහම්පත් ඔබ එංගලන්තය ගැන දන්නැති හැඩැයි... මෙහේ 'පිරිසිදු ඉංග්‍රීසි ජාතිකයෝ හා 'පිටින් ආපු අය' කියලා දෙපිලකට බෙදිලා නෑ... ශ්‍රී ලාංකික අපේක්ශකයාටත් සුද්දෝ මැතිවරනේදී උදව් කළා...(බ)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු (නි)
කම්කරු පක්ෂයට තව අවුරුදු ගානක් විරුද්ද පක්ෂයේ ඉන්න පුළුවන් මෙයා නිසා.(ම)
දැන් එංගලන්තයේත් ප්‍රජාතන්ත්‍ර වාදය නැහැ. කපටි සුද්දෝ අපේ රටට නැවතත් ඇඟිලි ගහනවා බටහිර ජාතීන්ට ලංකාව දියුණු වීම දකින්නට කැමති නැහැ මහා එපාකරපු අත්මාර්ථකාමී ජාතියක් (බ)
සුද්දෝ අපේ රට අල්ලාගෙන හූරගෙන කෑවා මදිවට ඔවුන්ට කත්අදින කළු සුද්දොත් බිහිකරලා. මේ දෙගොල්ලන්ට අපේ රට දියුණු වෙනවා බලා ඉන්න බැහැ. අපේ රට යම්කිසි ස්ථාවර තත්වයකට එනකොට මොකක්හරි කරදරයක් කරනවා. මතක තියාගත්තොත් හොඳයි, අපි රට වැව් අමුණු බැඳලා ඉතා දියුණු වාරි තාක්ෂණයක් තිබුණු රටක්. (නි)
රවී, ලංකාව කවදාද දියුණු වෙන්නේ? (නි)
නාමල් මහතා , ඔබගේ කතාව සත්‍යයකි. එංගලන්තයේ කුලී වැඩක් කළත් ලංකාවට වඩා සැපපහසුවෙන් ජීවත් වියහැකිය. එනිසාය ඔය ලංකාවෙන් එන බහුතරය ලංකාවේ නොකරන, ලංකාවේ කළොත් ලැජ්ජා වන ඕනෑම එකක් මේ රටේදී කරන්නේ. (නි)
දැන් මෙතන කට්ටියක් සුද්දන්ට බනිනවා අනෙක් කට්ටිය සුද්දගේ හොඳ කියනවා. මහත්වරුනි, මමත් ඉන්නේ ඔය සුද්දන්ගේ රටක. සුද්දෝ අපේ රට කොල්ලකෑවා. ඒ ගැන විවාදයක් නැහැ.නමුත් මේ ටිකත් හිතලා බලන්න.අපේ පාරවල් කෝච්චි පාරවල් ටික හරිගස්සලා දුන්නේ කවුද? හරි..ඒ ඒගොල්ලන්ගේ ගමනාගමනයට සහ භාණ්ඩ ප්‍රවාහනයටයි කියමුකෝ. සුද්දෝ ගියාට පස්සේ අලුතින් එකම පාරක්වත් හදලා තියෙනවාද? දුම්රිය මාර්ගයක්? (ඊයේ පෙරේදා හදපු අධිවේගී මාර්ග ගැන නොවෙයි මේ කියන්නේ ) අපි අඳින්නේ සුද්දගේ ඇඳුම, බාගයක් කතාකරන්නේ සුද්දගේ භාෂාව,සුද්දා විසින් නිෂ්පාදනය කළ රේඩියෝ, ටීවී, ටෙලිෆෝන්, ගුවන්යානා,මෝටර් රථ, බයිසිකල් තමයි අපි පාවිච්චි කරන්නේ. අසනීපයක් හැදුනම යන්නේ බටහිර දොස්තර කෙනෙක් ළඟට.එතකොට අඩුමගානේ අපේ රටේ අයට විවාහයක් ලියාපදිංචි කරන්න කියලා දුන්නෙත් සුද්දෝ.අන්තිමට ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වලා දුන්නෙත් සුද්දෝ.ඔබයි මමයි අදහස් හුවමාරු කරගන්නා මේ පරිගණකය සහ අන්තර්ජාලය නිර්මාණය කළෙත් සුද්දෝ.මේ වගේ ඕනෑතරම් දේවල් තිබෙනවා. අපේ රටේ සංචාරක ආකර්ෂණය ඇතිකරලා අපි කාටද අපේ රටට සංචාරකයෝ විදිහට සල්ලිත් අරගෙන එන්න කියන්නේ? සුද්දන්ට. මහත්වරුනි,ඇත්ත ඒ විදියට පිළිගන්න. හදවතට නොව බුද්ධියට අමතන්න. (නි)
යමක් සිදුවෙන්න තිබෙනවා නම් ඒක නවත්වනන කාටවත් බැහැ (නි)
සාලිය, අනුන්ට බනින්නේ නැතුව, අනුඅගේ උදවු නැතුව ඇයි අපිට ආයෙත් අපේ රටේ වැව් අමුණු බැඳලා ඉතා දියුණු වාරි තාක්ෂණයක් සහ දියුණු රටක් ඇතිකරන්න බැරි? අපිට නිදහස ලැබිලා දැන් අවුරුදු 60 කට වැඩියි. අපි මොනවද කරලා තියෙන්නේ? අපේ දේශපාලඥයෝ සුද්දාට අවුරුදු 60 කට වඩා බැනලා අහිංසක මිනිසුන්ගේ ඡන්දය අරගෙන මොනවද කළේ? ජපානයට ඇමෙරිකාව පරමාණු බෝම්බ ගහලත් ජපානය ඇමෙරිකන්කාරය එක්ක යාළුවෙලා ඔවුන්ගේ රට දියුණු කරගත්තා. අපේ කට්ටිය මොකද කළේ? ඔයවගේ සුද්දට බැන්නා. ඉතින් දැන් මොකක්ද අපේ තත්ත්වය? (නි)
ඒ කියන්නේ අපි සුද්දන්ව 1948 දී ලංකාවෙන් එළවාගත්තේ නැත්නම් මේ අපේ ශ්‍රී ලංකාව අද එංගලන්තේ වගේම දියුණු රටක්. එහෙනම් ජාතික වීරයන් යැයි කියන සුද්දන්ට එරෙහිව සටන්වැද ජීවිතය පූජාකළ අය කළේ වරදක්ද? (නි)
තමන්ගේ සෙබලුත් දහස් ගණනක් මිය යද්දිත් සුද්දෝ ලෝකේ අල්ල ගත්තේ ආසාවට නොවේ කාර්මික විප්ලවේ ප්‍රතිපලයක් විදියට. කාර්මික විප්ලවයේ අප්‍රිකාවේ හෝ දකුණු ඇමරිකාවේ උනා නම් ලෝකේ අල්ලන්නේ ඒ අය. අදටත් ලොකු රටවල් පොඩි රටවලට ඇඟිලි ගහන්නේ ධනවාදී යාන්ත්‍රණයේ පවත්වා ගැනීමට මිස ආසාවට නොවේ.
යහම්පත් කියන විදියට එංගලන්තයේ ඉන්න ලාංකිකයෝ දුක්විඳිනවා නම් විවිධ ක්‍රම හා විධි යොදාගනිමින් ඉතාලියට යන ලාංකිකයෝ එහෙ හොඳින් කා බී සතුටින් අවුරුදු කිහිපයක් ජීවත්වෙලා අන්තිමට ඉතාලි ගමන් පත්‍රය ලබාගත් සැණින් පවුල් පිටින් එංගලන්තයට පදිංචියට එන්නේ මොකද කියලා කිව්වොත් හොඳයි. (නි)
එංගලන්තයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ කවදාවත් (නි)
සුද්දා 1948 නොගිහින් තව අවුරුදු 50 විතර හිටියා නම් කොච්චර හොඳද කියලා දැන් හිතෙනවා (නි)
සමහර අයට එංගලන්තෙට බනිනකොට හරියට තරහ යනවනේ! (නි)
සෙනෙවි, ඔයා හරියට හරි. (නි)
මෙවැනි පුද්ගලයන්ට සල්ලි තිබුනොත් ඇති. මගේ ආදරණීය ශ්‍රී ලාංකිකයිනි, ඔය එක එක අදහස් වලට සැළෙන්න එපා. අපි ළඟ හොඳ සංස්කෘතියක් තියනවා. අපේ රටේ සෑම සම්පතක්ම තිබෙනවා. අපි හොඳින් වැඩ කරමු. අපිට ජය නියතයි (නි)
මට නම් මොහු ඇමරිකාවට සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වාදෙන්නෙක්. ඔහුගේ දර්ශනය ගැන අවධානය යොමු කරන්න (නි)