බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුන්ගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් කුමරිය, රාජකීය කටයුතුවලින් සදහටම සමුගැනීමට සූදානම් වෙනවා යැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජ මාලිගය නිල වශයෙන් කිසිවක් පවසා නැත. මාධ්‍ය වාර්තා අනුව, කේට් කුමරිය, මේ වනවිටත් රාජකීය කටයුතුවලින් ඈත් වී සිටී.

ඒ, ඇය පිළිකා රෝගියකු බව හඳුනා ගැනීමත් ප්‍රතිකාර සඳහා යොමු වීමත් සමඟය. එය තාවකාලික ඈත් වීමක් බව බ්‍රිතාන්‍ය රජ මාලිගය පෙන්වා දී ඇති නමුත් මාධ්‍ය වාර්තා අනුව, කේට් කුමරිය යළි කිසි දිනෙක රාජකීය කටයුතු සඳහා සහභාගී නොවනු ඇත.

(එන්.ඩී.ටීවී.)