තරුණයෙකුගේ කටේ අස්වාභාවිකව පිහිටා තිබූ දත් 232 ක් ඉවත් කර දැමිීමට ඉන්දියා වෛද්‍ය පිරිසක් සමත් වූහ.

මුඛයේ වේදනාවක් ඇතිව රෝහල් ගතවී ඇති මේ තරුණයා පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරුන්ට ඔහුගේ කටේ  පිහිටා තිබූ පැසක් වැනි ව්‍යුහයක් දැක ගත හැකි විය.

පැසෙහි තිබී දත් 232 ක් එකතු කර ගත් බව වෛද්‍යවරු කියති.

 මෙය ඉතා විරල රෝගී තත්ත්වයක් ලෙස හදුන්වාදී තිඛෙන මින් පෙර වාර්තා වී ඇති ආකාරයට මේ ආකාරයේම රෝගියෙකුගේ මුඛයේ තිබී ඉවත් කර ගෙන ඇති වැඩිම දත් සංඛ්‍යාව 37 කි.

මෙනිසා මෙම සිදුවීම ලෝක වාර්තාවකැයිද සැළකේ.