ලන්ඩන්හිදීය (ඒ.එෆ්.පී)
බ්‍රිතාන්‍ය ඇකඩම් සම්මාන උලෙළට සහභාගී වීමේදී කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කේට් කුමරියට අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි එරට පුවත්පතක් වාර්තා කරයි.
ලිංගික හිරිහැර හා අඩත්තේට්ටම්කම් වලට විරෝධය පළ කරමින් සම්මාන උලෙළට සහභාගීවන කාන්තාවන් කළු පැහැති ඇඳුම්වලින් සැරැසී පැමිණියහොත් කේට් කුමරියට එලෙස අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පැවසේ.
ලිංගික හිරිහැර හා අඩත්තේට්ටම්කම් වලට විරෝධය පළ කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවත ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලළේදී නිළියන්ද ඇතුළු සහභාගී වූ බොහෝ කාන්තාවෝ කළු ඇඳුමින් සැරසුණාහ.
ඒ අනුව එය අනුගමනය කරමින් පෙබරවාරි 18 පැවත්වෙන 71 වැනි බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන උලළේදී (බැෆ්ටා) කාන්තාවන් කළු ඇඳුමින් සැරසීමේ සූදානමක් තිබෙන බව වාර්තා වේ. මේ අනුව විලියම් කුමරුට සහ කේට් කුමරියට සම්මාන උලෙළට සහභාගී වනවාද නැද්ද යන්න තීරණය කිරීමට සිදු වේ.
රාජකීය කාන්තාවන් සම්පූර්ණ කළු ඇඳුමින් සැරසෙන්නේ ශෝක අවස්ථාවලදී පමණි. ඒ හැර අනෙකුත් රාජ්‍ය උත්සව, පොදු උත්සව යනාදියේදී රාජකීය කාන්තාවෝ සම්පූර්ණ කළු ඇඳුම් නොඅඳිති. එමෙන්ම රාජකීය පවුල්වල සාමාජිකයෝ පොදු විරෝධතාවලට ද සහභාගී නොවෙති.
“කේට් කුමරිය රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය, කවදාවත් ඇති නොවූ අර්බුදකාරී අවස්ථාවක්” යනුවෙන් බි්‍රතාන්‍යයේ ‘ද ඬේලි ටෙලිග්‍රාෆ්’ පුවත්පත මේ කරුණ වාර්තා කර තිබිණි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළු ඇඳුම කෙට් කුමරියට ප්‍රශ්නයක් වුණාට අපේ රටේ බොහෝ දෙනෙක් කළු ඇඳුමට කැමැතියි. නමුත් එම අයගේ චර්යාවනුත් කලුය. මහරගම අපේක්ෂා රෝහලේ සායනවලට එන බොහෝ රෝගීනුත් එම පාටට කැමතිය.