බ්‍රිතාන්‍යයේ කේට් කුමරිය තෙවැනි වරටත් මවක් වීමට සූදානමින් සිටින බව කේන්සින්ග්ටන් මාලිගාව අද (4) තහවුරු කළේය.
කේට් කුමරිය ගැබ් ගෙන ඇතැයි මීට පෙර අවස්ථා කිහිපයකදී බ්‍රිතාන්‍යය පුවත් සේවා වාර්තා කළ ද විලියම් කුමරු සහ කේට් කුමරිය ජීවත්වන කෙන්සින්ග්ටන් මාලිගය ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. එහෙත් අද (4) එම මාලිගාව නිවේදනයක් නිකුත් කරමින් කේම්බ්‍රිජ් ආදිපාදවරයා වන විලියම් කුමරු සහ කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කේට් කුමරිය ඔවුන්ගේ තෙවැනි දරුවා අපේක්ෂාවෙන් සිටින බව තහවුරු කළේය.
මෙම පුවතත් සමඟ බ්‍රිතාන්‍යයේ එළිසබත් රැජිනත් විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ පවුල් දෙකත් ඉතා සතුටට පත්ව ඇතැයි ඬේලිමේල් පුවත් සේවය වාර්තා කරයි. කේට් කුමරිය ගර්භණී තත්ත්වයට පත්ව කොතරම් කාලයක් ගත වී ඇත් ද යන්න වාර්තා වී නැතැයි ද ඬේලිමේල් පුවත් සේවය සඳහන් කරයි.
කේට් කුමරිය අද (4) උත්සවයකට සහභාගී වීමට නියමිතව තිබිණි. එහෙත් ඇය එම උත්සවයට සහභාගී නොවන බව හදිසියේ දැනුම් දෙන ලදි. ඇය සහභාගී නොවන්නේ ඇයි ද යන්න එහි සිටි ඡායාරූප ශිල්පීන්ට දැනුම් දී නොමැති බව වාර්තා විය. ඇය සහභාගී නොවූයේ ඇයි ද යන්න සෙවීමට එහි සිටි ඡායාරූප ශිල්පීහූ උත්සුක වූහ. කේට් කුමරිය ගර්භණී තත්ත්වයේ පසුවන බව අනාවරණය කිරීමට කෙන්සින්ග්ටන් මාලිගයට සිදුවූයේ ඒ නිසාය.
චාලට් කුමරිය උපත ලැබීමට පෙර කේට් කුමරිය උදෑසන කාලයේදී නිරන්තරයෙන් අසනීප වූවාය. එම නිසා ඇයට විවිධ උත්සවලට සහභාගී වීමට ද නොහැකි විය. ගර්භණී තත්ත්වය නිසා උදෑසන කාලයේදී ඇති වූ රෝගී තත්ත්වය හේතුවෙන් කේට් කුමරිය ඇයගේ පළමු ගර්භණී කාලයේදී රෝහල් ගත කළ අවස්ථාවද විය.
විලියම් සහ කේට් යුවලට ජෝර්ජ් හා චාලට් යන දරුවන් දෙදෙනෙකි. ජෝර්ජ් කුමරු සිව්වැනි වියේ පසුවන අතර චාලට් කුමරිය දෙවැනි වියේ පසුවන්නීය. ජෝර්ජ් කුමරු මේ සතියේදී පාසල් යෑම ආරම්භ කිරීමට ද නියමිතය.
ඬේලිමේල් ඇසුරිනි 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුදායක පුවතක් , ලාංකිකයෝ විදිහට අපි බලාගෙන ඉන්නේ මේ වගේ පුවතක් අපේ නාමල් කුමරයගෙනුත් දැනගන්න