නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළේ සිට නොයිඩා දක්වා ඉන්දීය රුපියල් කෝටි 25 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 54) ක වටිනාකමින් යුත් භාණ්ඩ රැගෙන යමින් තිබූ ට‍්‍රක් රථයක් ඉකුත් (01) වැනිදා රාති‍්‍රයේ සොර කණ්ඩායමක් විසින් කොල්ල කා ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
සැම්සුන් සමාගමට අයත් යන්ත්‍රෝපකරණ හා ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ එසේ කොල්ලකා ඇත.
දකුණු දිල්ලියේ සරීතා විහාර්හිදි කාරයක් පැමිණි පිරිසක් ට‍්‍රක් රථය නවතා රියදුරු හා රියදුරු සහායකයාට පහරදී ඔවුන් එලවා දමා ඇතැයි දිල්ලි පොලිසිය සඳහන් කරයි.
ට‍්‍රක් රථය පැහැරගත් සොරුන් ට‍්‍රක් රථයේ පිහිටීම පෙන්වන උපකරණය (ජීපීඑස් උපකරණය) අකී‍්‍රය කර ඇත.
පොලිස් කණ්ඩායම් ට‍්‍රක් රථය සොයා මෙහෙයුම් සිදුකරන බවත් සිව්දෙනකු රඳවා තබාගෙන ඇතැයි ද පොලිසිය උපටු දක්වමින් ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙත් හෙල්මට් තහනම ගෙනේවිද ? (නදී)