මාරාන්තික ඉබෝලා වෛරසයෙන් මෙම වසරේදී මියගිය සංඛ්‍යාව 2000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොංගෝ රජය පවසයි.
ඉබෝලා වෛරසය ශරීර ගතවී ඇතැයි සැකකරන රෝගීන් සංඛ්‍යාව 3000ක් පමණ වන බව සඳහන් වන අතර රෝගය මැඩපැවැත්වීම සඳහා දැඩි ශ්‍රමයක් යෙදවීමට සෞඛ්‍ය අංශ වලට සිදුව ඇත.
ඔවුන් සඳහන් කරන්නේ සාර්ථක එන්නතක් සහ ප්‍රථිකාර ලබාදෙමින් තිබියදී පාලනය කළ නොහැකි ආකාරයෙන් වෛරසය පැතිරීම ගැටලුවක් බවයි.
රෝගය වසංගතයක් ලෙස පැතිරෙන දසවන අවස්ථාව මෙය වන නමුත් උතුරු දිග කිවූ හා ඉටුරි පළාත් වලින් විශාල රෝගින් සංඛ්‍යාවක් වාර්තා වන ප්‍රථම අවස්ථාව මෙය බව පැවසේ.කොංගෝ ආසන්නයේ පිහිටි උගණ්ඩා රාජ්‍යයෙන් ද රෝගියෙකු වාර්තා වී ඇති අතර දේශ සීමා හරහා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවී ඇතැයි බලධාරීහු පවසති.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කොංගෝවේ ඉබෝලා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි