
අප්‍රිකාවේ කොංගෝවෙන් සහ අසල්වැසි උගන්ඩාවෙන් ආරම්භ වූ ඉබෝලා වසංගතය පාලනය කිරීම ගැටලුසහගත යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් අනතුරු අඟවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ අනතුරු ඇඟවූයේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අප්‍රිකා සංගමයේ නියෝජිතයන් සමඟ පැවැති හමුව අතරතුරේය. තමන් කොංගෝ රාජ්‍යය බලා යෑමට සූදානම් බවත්, ඉබෝලා වසංගත තත්ත්වය මර්දනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කර ඇත.
ඉබෝලා වයිරසයේ ආරම්භය සිදුවූයේ 1976 වසරේ පමණය. වයිරසය පළමුවෙන් හඳුනා ගැනීම සිදුවූයේ ‘සයිරේ’ රාජ්‍යයෙනි. අද කොංගෝව යනුවෙන් හැඳින්වෙන්නේ මෙම රාජ්‍යයකි.
මීට පෙර විටින් විට අප්‍රිකාවෙන් හිස එසවූ ඉබෝලා වයිරස ප්‍රදේහ හැඳින්වූයේ ‘සයිරේ’ ප්‍රභේදය යනුවෙනි. මෙම ප්‍රභේදයට සාර්ථක එන්නතක් නිපදවා ඇත. මේ වනවිට කොංගෝවෙන් සහ අසල්වැසි උගන්ඩාවෙන් ආරම්භ වුණු ඉබෝලා වසංගතයට මුල්වී ඇත්තේ ‘බුන්ඩිබුග්යෝ’ නමැති ප්‍රභේදයයි. මේ සඳහා එන්නතක් හෝ සාර්ථක වෙන ප්‍රතිකර්මයක් හෝ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd