කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර බුටෙන්බෝහි ඉබෝලා ප්‍රථිකාර මධ්‍යස්ථානයකට සන්නද්ධ කණ්ඩායමක් විසින් ප්‍රහාර එල්ලකර ගිනිතබා ඇති බව වාර්තා වේ.
මෙහිදී ප්‍රහාරයට පැමිණි පිරිස් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් ද ඇතිවී තිබේ.
ඉබෝලා වෛරසය ශරීරගතවී ඇතැයි සැකකරන රෝගීන් 38දෙනකු සහ තහවුරු කල රෝගීන් 12දෙනකු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මධ්‍යස්ථානයේ සිටි බවත් රෝගීන් හතරදෙනකු බියෙන් පලාගොස් ඇති බවත් සඳහන් වේ.
ප්‍රහාරය එල්ල කළ අයගේ අනන්‍යතාවය හෙළිවී නැතැයි පොලිසිය පවසයි.
කොංගෝවේ උගන්ඩා හා රුවන්ඩා දේශසීමා ආසන්නයේ සාමාන්‍ය වැසියන් හා ආරක්ෂක අංශ ඉලක්කකර මෙවැනි ප්‍රහාර නිරන්තරයෙන් එල්ල වන බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd