කොංගෝ රාජ්‍යයේ අගනුවර වන කිංශාසා හි ජනපති ජෝසෆ් කබිලාට එරෙහිව පවත්වනු ලැබූ විරෝධතා පෙළපාළියකට පොලීසියෙන් වෙඩි තැබීම නිසා 17දෙනෙක්  මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මියගිය අය අතර පොලිස් නිලධාරීන් තිදෙනකුද සිටින බව රජයේ ආරංචි මාර්ග පවසයි. එක් කාන්තාවක් පිළිස්සී මියගොස් ඇති බවද වාර්තා වේ.

රජයට විරුද්ධ කණ්ඩායම් පවසන්නේ සිද්ධියෙන් 50දෙනක් පමණ මියගොස් ඇති බවයි.

පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය කොංගෝ රජය මගින් කල්දැමීම නිසා ජනතාව වීදි බැස විරෝධතාවයේ යෙදී ඇත. ජනපති කබිලා 2001 වර්ෂයේ සිට කොංගෝ රාජ්‍ය පාලනය කරයි.

_91304466_hi035411494 _91297302_mediaitem91297301 _91304462_hi035411632