
අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ, අග්‍රාමාත්‍ය ධුරය, ආර්ථික විශේෂඥවරියක ද වන ජූඩිත් සුමින්වාට හිමිවිය.
ජූඩිත් සුමින්වා එම ධුරයට පත් කරනු ලැබුවේ, කොංගෝ ජනාධිපති ෆීලික්ස් ෂිසේකේඩි විසිනි. කොංගෝවේ අග්‍රාමාත්‍ය ධුරය කාන්තාවකට හිමිවුණු පළමු අවස්ථාව මෙයයි.
පසුගිය දෙසැම්බරයේ කොංගෝවේ ජනාධිපතිවරණය පැවැත්විණි. යළි ජනවරමක් හිමිකර ගැනීමට ෆීලික්ස් ෂිසේකේඩි සමත් විය.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇත. ඊට සුදුස්සකු ලෙස අග්‍රාමාත්‍ය ධුරය ජූඩිත් සුමින්වාට පිරි නැමීමට තීරණය කළේ යැයි ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd