IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කුකුළු මසුත් වීදුරු නළයේ

තනි සෛලයකින් කුකුළු මස් කුට්ටියක් නිර්මාණය කළ හැකිවේදැයි සොයාබැලීම සදහා වන පර්යේෂණයක ඊශ‍්‍රාලෙය පර්යේෂකයෝ පිරිසක් නිරතව සිටිති.

පර්යේෂණ නළයක වැඩිමට ඉඩ සළස්වන මෙම සෛලය විශාල කුකුළු මස් කුට්ටියක් දක්වා වර්ධනය කිරීම ඔවුන්ගේ උත්සාහයයි.

මෙසේ පර්යේෂණාගාරයකදී කුකුළු මස් නිපදවීමට මොවුන් සැරසෙන්නේ ළග එන ආහාර අර්බුදයට පිළියමක් ලෙසය.දැනටමත් බි‍්‍රතාන්‍යය පර්යේෂණ පිරිසක් පර්යේෂණාගාරයකදී මස් නිපදවිය හැකිබව ලොවට පෙන්වා තිබෙන අතර එය තවත් ඔබ්බට ගෙන ගොස් තනි සෛලයකින් මස් කුට්ටියක් නිපදවා ගැනීම මෙම පර්යේෂකයින්ගේ අරමුණයි.

බි‍්‍රතාන්‍යය පර්යේෂක සිදුකළේ ගවයෙකගේ සිරුරින් පටක කොටස් ලබාගෙන ඒවායේ සෛල වෙන්කර එම සෛල මාංශ කොටස් දක්වා වැඞීමට ඉඩහැරීමය.පසුව මෙම එක් එක් කොටස එක් කර තනි මස්කුට්ටියක් තැනීමට ඔවුහු සමත්වූහ.

මස් නිපදවා ගත්මුත් ඒ සදහා ගතවූ කාලය විශාලය.මෙනිසා එය අනාගත ආහාර අර්බුදයකට සාර්ථක පිළියමක් නොවේ.

මෙනිසාවෙන්ම ඊශ‍්‍රායෙල පර්යේෂක පිරිසකගේ උත්සාහය වඩා සාර්ථක හා ප‍්‍රායෝගික වන බව සැළකිය හැකිය.ඔවුන් සැරසෙන්නේ කුඩා කොටස් එකතු කර තනි මස් කුට්ටියක් සෑදීමට නොව තනි සෛලයක් මස් කුට්ටියක් දක්වා වර්ධනය කිරීමටය.මෙයට සත්තව සුරැකුම් සංවිධාන වලින් හෝ සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කැමැත්ත පළකර ඇත්තේ ඉතසිතිනි..එවන් එක් සංවිධානයක් මෙසේ පර්යේෂණාගාරයේදී මස් ඇතිකළ හැකි සාර්ථක ක‍්‍රමයක් සොයාගන්නා පර්යේෂක කණ්ඩායමකට ඩොලර් පවුම් 10 ක මුදලක් ලබාදෙන බවද පසුගිය වසරේ නිවේදනය කර තිබුණි.

පර්යේෂණ කටයුතු සාර්ථක වුවහොත් තවදුරටත් ගොවිපලවල් පවත්වාගනිමින් සතුන් පෙළමින් සිටීමට මිනිසුන්ට සිදුනොවන බව මෙම සංවිධාන පවසයි.

1B284188000005DC-2991740-image-a-44_1426204249178-(1) 1BC1E131000005DC-2991740-image-a-45_1426204383542-(1)



අදහස් (0)

කුකුළු මසුත් වීදුරු නළයේ

චින්තක Friday, 13 March 2015 06:38 PM

අපේ කට්ටිය නම් සල්ලිත් දෙමුහුන් කරලා වගෙයිනේ දැනටත් පාවිච්චි කරන්නේ (නි)

:       0       0

රෝහිණී Friday, 13 March 2015 07:21 PM

අනේ වඳවීගෙන එන අලි සම්පත මේ විදියට බෝකරගන්න හැකි නම් කොච්චර හොඳද ? (නදී)

:       0       0

නිරෝෂ් Saturday, 14 March 2015 05:05 PM

මේ වගේ බොරු අපට එපා (නදී)

:       0       0

ප්‍රියමාල් ජයතිලක Saturday, 14 March 2015 05:24 PM

හැබැයි මේක හරි ගියොත් මේවායේ ගුනාත්මකභාවය ගැන සැලකිල්ල උපරිමෙන් තියෙන්න වෙයි නේ. (නදී)

:       0       0

හේමන්ත Saturday, 14 March 2015 02:17 AM

ඉස්සරවෙලා හලාල් කරන්න වෙයි. (ස)

:       0       0

කුමාරි Tuesday, 17 March 2015 10:25 AM

හොද වැඩක්. (ර)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 20 March 2015 11:30 PM

ශාන් කියන විදියට මට රැවුල කපන්නත් බැහැනේ! බ්ලේඩ් එකට මූහුණේ සෛල කැපෙන නිසා. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 20 March 2015 11:38 PM

ආගම් හාස්‍යයට ලක්කරනවා නොවේ. භක්තිය මිනිසාට අවශ්‍ය දෙයක්. (නි)

:       0       0

ශාන් Saturday, 14 March 2015 05:04 AM

සෛලයක ජිවයක් නැද්ද අපේ උපාසක උන්නැහේ.සතුන් විතරයි මරන්න හොද නැත්තේ, මිනිස්සු... ඌ හතුරෙක් නම් කමක් නෑ (ස)

:       0       0

නාලක ගී කියන්ගේ Saturday, 14 March 2015 05:47 AM

මොනවද ඩොලර් පවුම් කියන්නේ? (නදී)

:       0       0

අමන්දා Saturday, 14 March 2015 06:07 AM

ශාන් සෛලයක ජිවයක් ඇති විද්‍යාත්මකව. ඒත් විඥ්ඥානයක් නෑ. ඒක නිසා පවක් සිදු වෙන්නේ නෑ(නදී)

:       0       0

රජිත් පැලවත්ත Saturday, 14 March 2015 06:23 AM

නියමයි (නදී)

:       0       0

කණිෂ්ක Friday, 13 March 2015 12:21 PM

අනේ කොච්චර හොඳද මේ වගේ සත්තු නොමරා ඉන්න ක්‍රමයක් හදන්න පුළුවන් නම් (නි)

:       0       0

අනුරුද්ද Sunday, 15 March 2015 08:34 AM

ශාන්, බැක්ටීරියා කියන්නෙත් සත්ව සෛලනේ ! එතකොට ඔයාට මරණාසන්න බඩේ අමාරුවක් හැදුනත් ඔය බේත් නොගෙන ඉන්නවද බැක්ටීරියා කියන්නේ සෛල නිසා ඒ සෛල වලට වර්ධනය වෙන්න ඔයාගේ ශරීරයේ ඉඩ දීල ? ඔය නිසා තමයි කියන්නේ බාගෙට දැනගැනීම හැම දේටම වැඩිය භයානකයි කියලා (දිල්)

:       0       0

නන්දසිරි. Sunday, 15 March 2015 10:55 AM

මේ ක්‍රමය සාර්ථක උනොත් මිනිසුන් කීදෙනෙකුට රැකියා අහිමි වෙයිද.?(නදී)

:       0       0

සමන් Friday, 20 March 2015 10:31 AM

බොහොම හොදයි,(හේ)

:       0       0

කාන්ති Saturday, 14 March 2015 08:22 AM

මාත් ඩොලර් පවුම් 10 ක් දෙනවා (නදී)

:       0       0

දුමින්ද Monday, 16 March 2015 04:22 AM

පුදුමයක්, නොවේ හැම දෙයම කාලයත් එක්ක අනිත්‍ය වේ. (ස)

:       0       0

රුවන් Friday, 13 March 2015 01:38 PM

කොහොමද "ඩොලර් පවුම් 10 ක මුදලක්" දෙන්නේ.(හේ)

:       0       0

දර්ශා Saturday, 14 March 2015 08:51 AM

අනේ ශාන් - ඔය ඔහොම හිතුවොත් ඔයාට එළවලු කන්න ලැබෙන්නෙත් නැහැ . // ලෙඩකට බෙහෙත් ගන්න ලැබෙන්නෙත් නැහැ. බුදු දහම, ඔය ඔයා හිතාගෙන ඉන්න විදියේ අන්තගාමී දහමක් නෙවෙයි. කරුණාකර ගුරුවරයෙක් සොයා ගන්න (නදී)

:       0       0

සංජය් Friday, 13 March 2015 02:29 PM

ඩොලර් පවුම් 10 ක් ? (අ)

:       0       0

සෙනරත් Friday, 13 March 2015 02:31 PM

ශීතකරණ වල තබන ලද මස් මලු වලට අකමැති සහ මරණ ලද අවස්ථාවේදීම මිලදී ගැනීමට පුරුදු වී සිටින අයට මේ ක්‍රමය හරියන්නේ නැත. (හේ)

:       0       0

චමිලා Friday, 13 March 2015 04:06 PM

රුවන්, සංජය ඒ ලෝකේ අලුතෙන්ම හොයාගත්ත මුදල් වර්ගය . සෛල 2 ක් එකතු කරලා හොයාගන තියෙන්නේ .(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 448 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site