තනි සෛලයකින් කුකුළු මස් කුට්ටියක් නිර්මාණය කළ හැකිවේදැයි සොයාබැලීම සදහා වන පර්යේෂණයක ඊශ‍්‍රාලෙය පර්යේෂකයෝ පිරිසක් නිරතව සිටිති.
පර්යේෂණ නළයක වැඩිමට ඉඩ සළස්වන මෙම සෛලය විශාල කුකුළු මස් කුට්ටියක් දක්වා වර්ධනය කිරීම ඔවුන්ගේ උත්සාහයයි.
මෙසේ පර්යේෂණාගාරයකදී කුකුළු මස් නිපදවීමට මොවුන් සැරසෙන්නේ ළග එන ආහාර අර්බුදයට පිළියමක් ලෙසය.දැනටමත් බි‍්‍රතාන්‍යය පර්යේෂණ පිරිසක් පර්යේෂණාගාරයකදී මස් නිපදවිය හැකිබව ලොවට පෙන්වා තිබෙන අතර එය තවත් ඔබ්බට ගෙන ගොස් තනි සෛලයකින් මස් කුට්ටියක් නිපදවා ගැනීම මෙම පර්යේෂකයින්ගේ අරමුණයි.
බි‍්‍රතාන්‍යය පර්යේෂක සිදුකළේ ගවයෙකගේ සිරුරින් පටක කොටස් ලබාගෙන ඒවායේ සෛල වෙන්කර එම සෛල මාංශ කොටස් දක්වා වැඞීමට ඉඩහැරීමය.පසුව මෙම එක් එක් කොටස එක් කර තනි මස්කුට්ටියක් තැනීමට ඔවුහු සමත්වූහ.
මස් නිපදවා ගත්මුත් ඒ සදහා ගතවූ කාලය විශාලය.මෙනිසා එය අනාගත ආහාර අර්බුදයකට සාර්ථක පිළියමක් නොවේ.
මෙනිසාවෙන්ම ඊශ‍්‍රායෙල පර්යේෂක පිරිසකගේ උත්සාහය වඩා සාර්ථක හා ප‍්‍රායෝගික වන බව සැළකිය හැකිය.ඔවුන් සැරසෙන්නේ කුඩා කොටස් එකතු කර තනි මස් කුට්ටියක් සෑදීමට නොව තනි සෛලයක් මස් කුට්ටියක් දක්වා වර්ධනය කිරීමටය.මෙයට සත්තව සුරැකුම් සංවිධාන වලින් හෝ සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කැමැත්ත පළකර ඇත්තේ ඉතසිතිනි..එවන් එක් සංවිධානයක් මෙසේ පර්යේෂණාගාරයේදී මස් ඇතිකළ හැකි සාර්ථක ක‍්‍රමයක් සොයාගන්නා පර්යේෂක කණ්ඩායමකට ඩොලර් පවුම් 10 ක මුදලක් ලබාදෙන බවද පසුගිය වසරේ නිවේදනය කර තිබුණි.
පර්යේෂණ කටයුතු සාර්ථක වුවහොත් තවදුරටත් ගොවිපලවල් පවත්වාගනිමින් සතුන් පෙළමින් සිටීමට මිනිසුන්ට සිදුනොවන බව මෙම සංවිධාන පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටිය නම් සල්ලිත් දෙමුහුන් කරලා වගෙයිනේ දැනටත් පාවිච්චි කරන්නේ (නි)
අනේ වඳවීගෙන එන අලි සම්පත මේ විදියට බෝකරගන්න හැකි නම් කොච්චර හොඳද ? (නදී)
මේ වගේ බොරු අපට එපා (නදී)
හැබැයි මේක හරි ගියොත් මේවායේ ගුනාත්මකභාවය ගැන සැලකිල්ල උපරිමෙන් තියෙන්න වෙයි නේ. (නදී)
ඉස්සරවෙලා හලාල් කරන්න වෙයි. (ස)
හොද වැඩක්. (ර)
ශාන් කියන විදියට මට රැවුල කපන්නත් බැහැනේ! බ්ලේඩ් එකට මූහුණේ සෛල කැපෙන නිසා. (නි)
ආගම් හාස්‍යයට ලක්කරනවා නොවේ. භක්තිය මිනිසාට අවශ්‍ය දෙයක්. (නි)
සෛලයක ජිවයක් නැද්ද අපේ උපාසක උන්නැහේ.සතුන් විතරයි මරන්න හොද නැත්තේ, මිනිස්සු... ඌ හතුරෙක් නම් කමක් නෑ (ස)
මොනවද ඩොලර් පවුම් කියන්නේ? (නදී)
ශාන් සෛලයක ජිවයක් ඇති විද්‍යාත්මකව. ඒත් විඥ්ඥානයක් නෑ. ඒක නිසා පවක් සිදු වෙන්නේ නෑ(නදී)
නියමයි (නදී)
අනේ කොච්චර හොඳද මේ වගේ සත්තු නොමරා ඉන්න ක්‍රමයක් හදන්න පුළුවන් නම් (නි)
ශාන්, බැක්ටීරියා කියන්නෙත් සත්ව සෛලනේ ! එතකොට ඔයාට මරණාසන්න බඩේ අමාරුවක් හැදුනත් ඔය බේත් නොගෙන ඉන්නවද බැක්ටීරියා කියන්නේ සෛල නිසා ඒ සෛල වලට වර්ධනය වෙන්න ඔයාගේ ශරීරයේ ඉඩ දීල ? ඔය නිසා තමයි කියන්නේ බාගෙට දැනගැනීම හැම දේටම වැඩිය භයානකයි කියලා (දිල්)
මේ ක්‍රමය සාර්ථක උනොත් මිනිසුන් කීදෙනෙකුට රැකියා අහිමි වෙයිද.?(නදී)
බොහොම හොදයි,(හේ)
මාත් ඩොලර් පවුම් 10 ක් දෙනවා (නදී)
පුදුමයක්, නොවේ හැම දෙයම කාලයත් එක්ක අනිත්‍ය වේ. (ස)
කොහොමද "ඩොලර් පවුම් 10 ක මුදලක්" දෙන්නේ.(හේ)
අනේ ශාන් - ඔය ඔහොම හිතුවොත් ඔයාට එළවලු කන්න ලැබෙන්නෙත් නැහැ . // ලෙඩකට බෙහෙත් ගන්න ලැබෙන්නෙත් නැහැ. බුදු දහම, ඔය ඔයා හිතාගෙන ඉන්න විදියේ අන්තගාමී දහමක් නෙවෙයි. කරුණාකර ගුරුවරයෙක් සොයා ගන්න (නදී)
ඩොලර් පවුම් 10 ක් ? (අ)
ශීතකරණ වල තබන ලද මස් මලු වලට අකමැති සහ මරණ ලද අවස්ථාවේදීම මිලදී ගැනීමට පුරුදු වී සිටින අයට මේ ක්‍රමය හරියන්නේ නැත. (හේ)
රුවන්, සංජය ඒ ලෝකේ අලුතෙන්ම හොයාගත්ත මුදල් වර්ගය . සෛල 2 ක් එකතු කරලා හොයාගන තියෙන්නේ .(අ)