IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඕස්ටේ‍්‍රලියාවෙන් පිටුවහල් කළ ලාංකික පවුලක් නැවත ගෙන්වාගනී

ඕස්ටේ‍්‍රලියා රජය මෙරටට පිටුවහල් කිරීමට තීරණය කළ ශ්‍රී ලාංකික පවුලක් නවතා ගන්නැයි එරට ෆෙඩරල් විනිසුරුවරියක තීන්දුවක් ලබා දී ඇතැයි එන්.ඞී.ටීවී. පුවත් සේවය වාර්තා කරයි.

එම ශ්‍රී ලාංකික පවුල මෙරටට යවන්නැයි ඕස්ටේ‍්‍රලියාවේ රජය නියෝග කර තිබිණි. ඒ අනුව එම පවුල ගුවන් යානයකට ද නංවා තිබෙන අතර අවසාන මොහොතේදී ෆෙඩරල් විනිසුරුවරියක වන හෙදර් රයිලි අතුරු තහනමක් පනවමින් එම පවුලට  ඕස්ටේ‍්‍රලියාවේ තවත් කාලයක් සිටීමට අවස්ථාව ලබා දී තිබේ.

ෆෙඩරල් විනිසුරුවරිය අදාළ අතුරු තහනම නිකුත් කරන අවස්ථාවේදී එම පවුල ගුවන් යානයේ සිටි අතර ගුවන් නියමුවන් ගමන ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිට ඇත. 

ඕස්ටේ‍්‍රලියාව දැඩි ආගමන විගමන නීති කි‍්‍රයාත්මක කරන රටක් වන අතර පසුගිය කාලයේදී බෝට්ටු මගින් ඔස්ටේ‍්‍රලියාවට පැමිණෙන සංක‍්‍රමණිකයන් වැඩි වීම නිසා අදාළ නීතිරීති තවදුරටත් දැඩි කළේය.

ඒ අනුව බෝට්ටුවලින් සහ අනවසර ලෙස  ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන සියලූ දෙනා නැවත එම රටවලට හරවා යවන බව  ඕස්ටේ‍්‍රලියාව අඛණ්ඩව අවධාරණය කළේය.

කුඩා දියණියන් දෙදෙනකු සිටින මෙම පවුලේ මව සහ පියා ඔස්ටේ‍්‍රලියාවට පැමිණ ඇත්තේ 2012 සහ 2013 වසරවලදී ය. රැකවරණ පතා ඔස්ටේ‍්‍රලියාවට පැමිණියත් නීතිවිරෝධී ලෙස බෝට්ටුවෙන් පැමිණි නිසා  ඕස්ටේ‍්‍රලියානු රජය ඔවුන් ආගමන නිලධාරීන්ගේ බාරයට පත් කර තිබේ. රැඳවුම් භාරයේ සිටි ඔවුන් නැවත ශ්‍රී ලංකාවට යැවීමට පියවර ගත් අවස්ථාවේදී ෆෙඩරල් විනිසුරුවරිය අදාළ අතුරු තහනම ලබා දී තිබේ. 

055

 



අදහස් (13)

ඕස්ටේ‍්‍රලියාවෙන් පිටුවහල් කළ ලාංකික පවුලක් නැවත ගෙන්වාගනී

Ravi Friday, 30 August 2019 07:06 PM

සමහර ලාංකිකයන් අතේ පැලවෙන බොරු කියා තමන්ගේ මඩිය තර කර ගන්නවා. මෙහෙම පැමිණි බහුතරයක් කිසිම රැකියාවකට යන්නේ නැතිව සැප විඳිද්දී, නීතිප්‍රකාර පැමිණි මිනිස්සු එදා වේල සරි කරගන්න මහන්සි වෙමින් මේ කම්මැලි මිනිස්සු නඩත්තු කරන්න බදු ගෙවනවා. මේක තමයි තිත්ත ඇත්ත...

:       1       104

nandanaSaturday, 31 August 2019 12:50 PM

මෙය පිටරටවල වෙසෙමින් "වැඩකරන" බොහෝ ලාංකිකයින් නගන චෝදනාවක්. නමුත්, බටහිර රටවල පවතින ක්‍රමය නම්, වැඩකරන අයගේ බදු මුදලින් යම් ප්‍රමාණයක් අඩු අදායම් ලබන අයට ලබා දීම. මේ දීමනා එතරම් විශාල නොවන අතර, එයින් පවුලකට සුඛෝපභෝගී නොවන සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකියි. ලාංකිකයින් බොහෝ දෙනෙක් ජීවිතේ ප්‍රථම වරට බදු ගෙවන්නට පටන් ගන්නේ බටහිර රටක පැමිණ වැඩ කිරීමට පටන් ගත්තාට පසුවයි. තම අාදායමෙන් බදු ගෙවීමට සිදුවීමෙන් ඇතිවූ හිතේ අමාරුව මේ චෝදනාව නැගීමට ප්‍රධාන හේතුව යයි සිතමි.

:       40       6

RaviSunday, 01 September 2019 02:55 AM

මම ලංකාවේ අවුරුදු 23 ක් පුද්ගලික අංශයේ සේවය කරමින් බදු ගෙවා , රට වෙනුවෙන් යම් සේවයක් කොට දරුවන් ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් පිටරට පැමිණියෙමි. හිතේ අමාරුව බදු ගෙවීමට සිදු වීම නොවේ. ලැබෙන දීමනාව බාර් ගානේ ගෙවමින් නිකම් ඉන්න මහත්වරු නඩත්තු කිරීම ගැනය. ඔබ දන්නවාද වාර්ෂිකව ඩොලර් 50000 උපයන රැකියා ලාභියෙකු ඩොලර් 12000- බදු ගෙවයි. ඉතිරි ආදායම්, සියල්ල ගෙවල් කුලී, දරුවන්ගේ අධ්‍යාපනය , ආදී කටයුතු වලට අපි ඉතා අමාරුවෙන් ගැට ගසා ගන්නේ. ඔස්ට්‍රේලියාව සුරපුරයක් නෙවෙයි. ඔබ දන්නවාද මේ නිමාවක් නැති සරණාගත නඩත්තුව ගැන බහුතරයක් ඕස්ට්‍රේලියානුවන් ඉන්නේ ප්‍රසාදයකින් නම් නෙවෙයි.

:       1       75

DharmasiriSunday, 01 September 2019 08:34 AM

"ලාංකිකයින් බොහෝ දෙනෙක් ජීවිතේ ප්‍රථමවරට බදු ගෙවන්නට පටන් ගන්නේ බටහිර රටක පැමිණ වැඩ කිරීමට පටන් ගත්තාට පසුවයි.." මෙන්න මේ කතාව හැමෝටම අදාළ නැහැ නන්දන මයා... ඔබ හිතන බදු නොගෙවා ඉන්න විදියට නොවේ හැමෝම කරන්නේ, ඕනෑතරම් ලංකාවේ මිනිස්සුත් බදු ගෙවනවා ලංකාවේ මෙන්ම පිටරටත්...

:       0       3

nandanaSunday, 01 September 2019 01:41 PM

ජීවිතේ ප්‍රථමවරට ආදයම් බදු ගෙවන්නට පටන් ගැනීම සැමටම අදාල නොවුණත්..., බහුතරයකට අදාලයි. ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමෙරිකාව වැනි රටවල් අද පවතින තත්වයට ගොඩ නැගී ඇත්තේ යුද සහ ආර්ථික සරණාගතයින්ගේ සංක්‍රමණයෙනි. ඕස්ටේ‍්‍රලියාවේ සිටින බහුතරයක් ලාංකිකයින් ආර්ථික සරණාගතයින්. මේ රටවල මිනිසුන් අතර අදායම් බෙදීයාමේ විෂමතාවය, අදායම් බදු ප්‍රතිපත්තිය මගින් අවම කර ඇත. බොහෝ ලාංකිකයින්ට මෙය අමුතු දෙයක් වුණත්, එම ක්‍රමය ඕස්ටේ‍්‍රලියාවේ පවතින දේශපාලන සංස්කෘතියේ අංගයක් වන අතර, එවැනි රටක ජීවත්වනවා නම් එය පිළිගත යුතු යථාර්තයක්. එබැවින්, මෙවැනි රටවල ජීවත් වෙමින්, රටට සරණාගතයින් පැමිණීම ගැන මැසිවිලි නැගීම එතරම් අර්ථයක් නැති දෙයක් යන්නයි මගේ අදහස...

:       7       4

jagath Saturday, 31 August 2019 10:24 AM

අද පහල සහ මධ්‍යම පන්තියේ පවුලකට ලංකාවේ ජීවත්වී දියුණු වීමට ඉතා අපහසුයි. එමනිසා මේ ලාංකිකයින් හට ඕස්ටේ‍්‍රලියාවේ ඉන්නට දීම ගැන ස්තුතියි.

:       39       21

Dulmi Saturday, 31 August 2019 11:27 AM

ලංකාවේ ජීවත්වීම අපහසුයි කියා ඕස්ට්‍රේලියාවේ අතක් පයක් නොසෙල්වා ආණ්ඩුවේ දීමනාවෙන් සදහටම යැපෙන්න බලාගෙන සමහරු එන්නේ. කිසිම වෘත්තීය සුදුසුකමක් අධ්‍යාපනයක් නැතිව ඇවිත් මෙතන අනෙක් මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් ජීවත්වෙන්න උපයන මුදලින් ලැබෙන බද්දෙන් උපරිම සැප විඳිනවා. අපි මෙහෙ නිසි අධ්‍යාපනයක් ඇතිව නීතිප්‍රකාර ඇවිත් නොයෙකුත් දුෂ්කරතා මැද ජීවත් වෙන්නේ අනුන්ට බරක් වෙන්න බැරි නිසා. මේ සරණාගත නෝනලා ආණ්ඩුවේ දීමනාවෙන් පොෂ් වෙන්න සැලුන් යද්දී, ලංකාවේ උපාධිදාරී කාන්තාවන් මෙහෙ කම්කරු රැකියා කරනවා. තියාගත්තට කමක් නැහැ. නමුත් අනිවාර්යයෙන් මොවුන් ස්වෙච්ඡා සේවයේවත් යෙදවිය යුතුයි.

:       7       254

sam Saturday, 31 August 2019 11:30 AM

මේ පවුලේ වැඩිමහල් දියණියත් දෙමව්පියන් දෙදෙනාත් ඕස්ට්‍රේලියාවේ නීතියේ තියන ඉහළම උසාවිය දක්වාම ගොස් නඩු කියුවත්, අභියාචනා ගොනුකළත් ඒ සියල්ලෙන්ම ලැබුණු තීන්දුව ඔවුන්ව පිටුවහල් කළයුතු බවයි. නමුත් බාල දරුවාගේ නම ඒ නඩු තීන්දු වල නැහැ. තාක්ෂණිකව සැලකූ විට ඒ දරුවාට පිටුවහල් නියෝගයක් නැහැ. ඒ පදනම මත, පිටුවහල් කිරීමේ නියෝගයක් නොමැති කෙනෙකුව පිටුවහල් කිරීම වළක්වාලන්න දැන් මේ අතුරු නියෝගය ක්‍රියාත්මක කළා. නමුත් ලබන බදාදා හෝ බ්‍රහස්පතින්දා මේ පිළිබඳ අවසාන තීන්දුව (ඒ කුඩා ලමයාටත් පිටිවහල් කිරීමේ නියෝගයක් ලබාදී) ලැබේවි. දේශීය කටයුතු ඇමතිගේ නියෝගයකින් විසා නොලැබුනොත් බොහෝවිට එදිනම පිටුවහල් කරාවි.

:       2       94

Lebbe Saturday, 31 August 2019 02:06 PM

ලංකාවේ හමුදාවේ අය දෙමල මිනිසුන් මරණ නිසා ලංකාවට අපහු යන්න බැහැ. මේක තමයි අද වෙනකම්ම උතුරේ ද්‍රවිඩයන්ගේ නිදහසට කරණය බෝට්ටුවෙන් ගිහාම කියන. සිංහලයාට වඩා නිදහසක් ලංකාවේ දෙමළ මිනිසුන් ලබනවා.

:       0       103

sunilSunday, 01 September 2019 04:49 AM

ලංකාවේ හමුදාවෙන් මිනිසුන් මරණ බව කියන කතාව බොරුවක් බව අද ඔස්ට්‍රේලියාව ඇතුළු අනෙකුත් බටහිර රටවල රජයන් හොදින්ම දන්නා කරුණක්. අද මෙන් එදත්, බොහෝ ලාංකිකයින් මේ රටවලට සංක්‍රමණය වුයේ ආර්ථික හේතුන් මත, ආර්ථික සරණාගතයින් හැටියටයි.

:       2       12

Rohana Saturday, 31 August 2019 04:56 PM

ලංකාව දියුණු නීති ගරුක රටක් කළහැකිනම් මෙවැනි නීති විරෝධී සංක්‍රමණ ඇතිවන්නේ නැහැ. අපේ දේශ පාලකයෝ බොරු කියා කියා රටවටේ යනවා මිසක් රට දියුණු කිරීමේ කිසිම වැඩපිළිවෙලක් නැහැනේ.

:       0       18

විකුම් රංගන Saturday, 31 August 2019 07:01 PM

ඕස්ට්‍රේලියාවේ පමණක් නෙමේ, එංගලන්තයේ පවා, දරුවන්ගේ පිහිටෙන් ආණ්ඩුවෙන් පිනට කාලා බීලා පිං පඩියෙන් ජීවත් වෙමින් සිටින අය ඕනා තරම් සිටිනවා. එවැනි සුළු පිරිසක් නිසා තමයි අනිත් අයට හිමි අවස්ථා පවා අහිමි වන්නේ.

:       1       8

de silva berlin Sunday, 01 September 2019 02:43 AM

ලංකාවේ හමුදාවට විරුද්ධව යුධ අපරාධ කළ බව කියමින් බොරු ගොතමින් ලංකාවේ කිර්ති නාමය විනාශ කරන්නේ නැතුව ඕස්ට්‍රේලියාවේ බැරිනම් ලෝකයේ ඕනෙම රටක ජිවත් වුනාට කමක් නැහැ . හිටපු දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ සභාපති ප්‍රේමසිරි මහතාට පුද්ගලික වෙඩි තියලා මරපු මිනීමැරුම සැලසුම් කළ සහ ක්‍රියාත්මක කළ සැකකරුවොත් යුරෝපා රටක දේශපාලන රැකවරණ ලබන බවට ආරංචියක් තිබෙනවා . දිගින් දිගටම අපිට මානව හිමිකම් චෝදනා එල්ල වුනොත් , ලංකාවට ආර්ථික සම්බාධක වැටේවි. එතකොට අමාරුවේ වැටෙන්නේ ලංකාවේ ජිවත්වන සියලු දෙනාම කරුණාකර අපේ තානාපති අංශ මේ වැඩ වලට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ශක්තිමත් කරන්න . කරුණාකර ආණ්ඩුව තානාපති කාර්යාල වල උසස් තනතුරු සදහා කිසිම පළපුරුද්දක් නැති දේශපාලන හිතවතුන් යැවීම නතර කර පළපුරුදු තානාපති නිලධාරීන් ඒවාට පත්කරන්න.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site