ඕස්ට්‍රේලියාවට බලපා ඇති වාර්තාගත උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පවසයි.

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවයි. දිවා කාලයේ දී නිවෙස්වලට වී සිටින ලෙස විජලනයෙන් වැළකීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය බලධාරීහු පවසති.

අධික උණුසුම දරා ගැනීමට නොහැකි වන සතුන් මෙන්ම මත්ස්‍ය සම්පත විනාශ වෙමින් පවතී. දැනට පවතින උෂ්ණත්වය  2013 දී වාර්තාගත උෂ්ණත්වය  ඉක්මවා ගොස් තිබේ.

බීබීසී ඇසුරෙනි

(28535)