ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින් මත 15%ක බද්දක් පැනවීමට එරට රජය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.මීට පෙර තීරණය කර තිබුණේ 32ක බද්දක් අය කිරීමටයි.
නමුත් සංචාරක ක්ෂේත්‍රයෙන් නැගුණු විරෝධය හමුවේ එම තීරණය ඉවත් කරගැනීමට සිදුවිය.
තාවකාලික වීසා මත පැමිණෙන පුද්ගලයන්ට ඩොලරයකට 32%ක බද්දක් නියම කළහොත් එරටට පැමිණෙන පිරිස් අධෛර්මත් වනු ඇතැයි ද මත පළවිණි.
ඕස්ට්‍රේලියාවට වසරකට ලක්ෂ හයක් පමණ සංචාරකයින් පැමිණෙන බව වාර්තා වෙයි.ඉන් බොහෝමයක් පළතුරු නෙළීමේ රැකියා සොයන බවට බලධාරීහු පවසති.මේ වන විට තාවකාලික වීසා මත පැමිණෙන සේවකයින්ගෙන් බදු අය නොකරන බවත් ඔවුන් වසරකට ඩොලර් 18 200ක්(රුපියල් ලක්ෂ 27ක්) පමණ උපයන බවත් ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තාවකාලික වීසා දෙන්නේ ඔක්කොම යුරෝපියන් සහ ඇමරිකන් අයට. මොකද අපේ ලංකාවේ හෝ ඉන්දියා වල මිනිසුන්ට දෙන්නේ නැහැනේ. ඉතින් මොකද ටැක්ස් ගැහුවට? (නි)
15% ක බදු අයකරන්නේ “වර්කින් හොලිඩේ වීසා” මත ඕස්ට්‍රේලියාවට පැමිණ තාවකාලික රැකියා කරන අයගේ උපයන අාදායම මතයි. ප්‍රාථමිකව මෙම වීසා කාණ්ඩය ලබාදෙන්නේ සංචාරකයින් ලෙස පැමිණ කෙටිකාලින රැකියාවන් කර එම අාදායම් නැවත ඕස්ට්‍රේලියාවෙදීම වියදම් කරයි යන අරමුණ ඇතුව වුවත් වර්තමානයේ බොහෝ දෙනෙක් එම මුදල් නැවත මවුරටට රැගෙන යාම නිසා ඇතිවන ආර්ථික බලපෑම අවම කරගැනීමට හා එම විසා ලබාගැනීම අධෛර්යමත් කිරීමට මෙම නව බද්ද පනවා ඇත. (නි)
ඉතාලියේ පලතුරු සහ ඔලිව් කැඩීමට තාවකාලික වීසා වලින් එන අය මාස තුනට මේ ගාන හොයනවා. කෙනෙක්ට පුළුවන්නන්ම් පිරිසක් සමග පැමිණ කොන්ත්‍රාත් ක්‍රමයට සේවා සපයන්න, මෙය ගොඩක් ලාබදායකයි. (බ)
පිටිගල මිලානෝ කියන්නේ ඕනෑ එකටයි එපා එකටයි දෙකටම කට දාන කෙනෙක් (නි)
සුසන්ත, ඔයා හිතන විදිය වැරදියි. ඉතාලියේ, ඕස්ට්‍රේලියාවේ අය මෙහෙ (කැනඩාවේ, ඇමෙරිකාවේ) ඇවිල්ලා පාරවල් වල ජොබ් හොයන, මේ රටවල් වල මිනිස්සු එහෙ පලතුරු කඩන්න යනවා කියන එක හොඳ විහිළුවක් (නි)
හොඳ දෙයක්.(හේ)
මේ දේ අසාධාරණයි.(හේ)
ඕස්ට්‍රේලියාවේ මීට කලින් සංචාරක වීසා මත පැමිණෙන විදේශිකයන්ට වතුවල පලතුරු හෝ එළවලු නෙළීමේදී 34% බද්දක් අයකරන ලදී. එනිසා, සංචාරකයින් මෙවැනි රැකියාවන් වලට යාමට අදිමදි කරන ලදී. මෙරටෙහි පුරවැසියෝ හෝ ස්ථිර පුරවැසි වීසා හිමියන්, මෙවැනි රැකියා වලට කොහොමටත් එතරම් කැමත්තක් නැත. පලතුරු සහ එළවලු නෙළන කාලසීමාවේදී ගොවියන් සහ වතු හිමියන්, විශාල ශ්‍රම හිඟයකට මුහුණදෙන ලදී. එනිසා ගොවියන්ගේ සහ වතු හිමියන්ගේ බලකිරීම මත බදු මුදල 15% දක්වා අඩු කරන ලදී. අපිත් හම්බ කරන සෑම ඩොලර් එකකටම ශත 34 බදු ගෙවිය යුතුයි. ආදායම අවුරුද්දකට ඩොලර් 55,000 වැඩිනම්, තමන්ගේ ආදායම අනුව,බදු මුදල ක්‍රම ක්‍රමයෙන් තවත් ඉහළ යනු ඇත.
අශිකා, ඔලිව් කඩන්නේ අතින් නොවෙයි, යන්ත්‍රානුසාරව. යූ ටියුබ් එකට පිවිස වීඩියෝ බලන්න. (නි)
සුසන්ත, තාවකාලික රැකියා වීසා හෝ සංචාරක වීසා බොහෝ දෙනෙකුට ලබාගන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ වීසා කාණ්ඩය අනුව රැකියාවක් කළහැකිදැයි/නොහැකිදැයි තීරණය වෙනවා. (නි)
මටනම් පෙනෙන්නේ අපේ මුදල් ඇමති ඕස්ට්‍රේලියාවෙන් අරන් වගේ...(බ)
පිටිකළ මිලානෝ ඔය ඔව්ව අනුන්ට කියන්නේ ඔයාම කරන්න ,අනුන්ගේ ශ්‍රමය ලාබෙට හුරගෙන කන උන්ට හරියනවද බලන්ත් එක්ක, මට පෙන්නේ ඔයත් ශේප් එකේ ඔලිවේ කඩනවද කොහෙද? (බ)
අශිකා, ඔලිව්, මිදි සහ අනෙකුත් පළතුරු කඩන රැකියාවල් දුපත් මානසිකත්වයෙන් සිටින ඔබට පහත් වුණාට කෙටි මාස ගණනක් වැඩකර විශාල මුදලක් උපයන්න පුළුවන් රැකියාවක්. නිවාඩු කාලය වැඩි නිසා ලංකාවටත් ලෝකයේ වෙනත් රටවල් බලන්න යන්නත් කාලය තිබෙනවා. එසේත් නැත්නම් වෙනත් තාවකාලික රැකියාවක් කරන්නත් පුළුවන්. ලංකාවේ බොහෝ දෙනා කුඩා පරිමාණයේ සමාගම් සාදාගෙන කොන්ත්‍රාත් ක්‍රමයට සේවාව සපයනවා. අවශ්‍ය කාලයට ඔවුන් නැගෙනහිර යුරෝපීය සහ උතුරු අප්‍රිකානුවන් සේවයට බඳවා ගන්නවා. (නි)