මුහුද මැදදීම හරවා එවනු ලැබූ ශී‍්‍ර ලාංකික සරණාගතයින් පිරිස අරබයා අන්තර්ජාතික තලයෙන් නැඟෙන චෝදනා වලට මුහුණ දීමට ඕස්ටේ‍්‍රලියාවට සිදුව තිබේ.
ඕස්ටේ‍්‍රලියාවේ කි‍්‍රයාකලාපය හෙළා දකින ස්ථාවරයක සිටින බොහෝ රටවල් ප‍්‍රකාශ කර ඇත්තේ අනවසරයෙන් පැමිණියේ වුවත් නිසි විමර්ෂණයකින් තොරව එම සරණාගත පිරිස ආපසු හරවා යැවීම ඕස්ටේ‍්‍රලියාව නොකළ යුතුව තිබුණු ඇතැයි කියාය.
සරණාගතයින් සදහා වන එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ රටක රැකවරණය පතා පැමිණෙන සංක‍්‍රමණිකයින්ගේ අවශ්‍යතා හොදින් විමසා බැලීම එම රටේ බළධාරීන්ගේ වගකීම බවයි.
ජාත්‍යන්තර නීතියට අනුව දැනට තමන් සිටින රටේ ජීවත්වීමට හැකියාවක් නොමැති නම්,එහි තමන්ට ජීවිතාරක්ෂාව සළසා ගත නොහැකි නම්, එම රටෙන් පළා විත් වෙනත් රටක රැකවරණය පතන පුද්ගලයින් බලෙන්ම ආපසු හරවා යැවීම තහනම් යැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.ගණනින් 41 ක් වූ මෙම ශී‍්‍ර ලාංකික සරණාගත පිරිස පසුගිය ජූනි මස අග භාගයේදී ඕස්ටේ‍්‍රලියාවේ කොකෝස් දූපත් ආසන්නයේදී සොයාගනු ලැබුණු අතර මුහුදේම සිදුකළ විමර්ෂණයකින් පසු ඔවුන් නැවත ශී‍්‍රලංකා බළධාරීන් වෙත භාරදීමට ඕස්ටේ‍්‍රලියාව කටයුතු කළේය.
මෙලෙසම ඕස්ටේ‍්‍රලියාව බලා පැමිණි තවත් 153 දෙනෙකුන්ගෙන් යුත් අනවසර සංක‍්‍රමණික කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට එරට වෙරළාරක්ෂක අංශ කටයුතු කර තිබෙන අතර ඔවුන් පිරිස හරවා යැවීමට ඕස්ටේ‍්‍රලියා රජය සැරසුණත් එය තාවකාලිකව තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමට ඕස්ටේ‍්‍රලියා ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර ඇත.
ඕස්ටේ‍්‍රලියා රජය පවසන්නේ තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට ගරු කරන්නේ වුවත් අනවසර සරණාගතයින්ට එරෙහිව දැඩි පියවර ගැනීමට පසුබට නොවන බවයි.
සරණාගතයින් පැමිණෙන බෝට්ටු මුහුදේදීම ආපසු හරවා යැවීම නීතිගත කිරීමට කටයුතු කළේ බොහෝ කාලයකට පෙර බවත් විරෝධතා තිබුණේ නම් ඒවා නැගිය යුතුව තිබුණේ එවකදී බවත් ඕස්ටේ‍්‍රලියා බළධාරීහු අන්තර්ජාතික තලයෙන් නැගෙන චෝදනා වලට පිළිතුරු ලෙස කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාව ගැන මට නම් වරදක් පෙනෙන්නේ නැහැ (නි)
ඕස්ට්‍රේලියාවේ ස්ථාවරය නිවැරදියි කියලයි මම නම් හිතන්නේ. (නි)
මේ අය සරණාගතයින් නම් ඒකට වගකියන්න ඕනෑත් එයාලමයි. කවුරුවත් බලෙන් මුහුදට තල්ලු කළේ නැහැනේ. ඕස්ට්‍රේලියාවට දොස්කියලා වැඩක් නැහැ. එයාලට අයිතියක් තියෙනවා කව්ද ඒ රටට එන්න ඕනෑ කව්ද එන්න ඕනෑ නැත්තේ කියලා කියන්න. (නි)
ඕනෑම රටකට සහන සේවා කටයුතු කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා. දැන් මෙහෙත් ලොකු රැකියා අර්බුධයක්. ඔක්කොම දීමනා කප්පාදු කරලා. ආබාධිතයන්ටත් ඔන්න වැඩ කරන්න කියලා. එහෙම තත්ත්වයක් තියෙද්දී කර ගහන්න පුළුවන් සීමාවක් තිබෙනවානේ. ඇරත් දැන් මේ එන උදවිය ආර්ථික සරණාගතයන් බව අඳුනාගෙන තිබෙනවා. (අ)
රට ලොකුයි කියලා හැම පැත්තෙන්ම ගොඩ බහින ආර්ථික සරණාගතයන් කර ගහ ගන්නේ කොහොමද ? මේ උදවිය මෙහෙ එන්නේ කිසිම වැඩක් පලක් නොකර සල්ලි අතට ගන්න බලාපොරොත්තුවෙන්. අනිත් මිනිස්සු පැය 24 ම වැඩ කරනවා. සරණාගතයන් අඩු ගණනේ ස්වේච්ඡා සේවයක් වත් ප්‍රජා සත්කාරයක් වත් සහභාගි වෙන්නේ නැහැ. හැබැයි අතට පයට හැම දෙයක්ම බලාපොරොත්තු වෙනවා. (නදී)
සරණාගතයින්ට බෝට්ටු වලට සල්ලි ගෙවන්න පුලුවන් නම් කොහොමද ඔවුන් දුප්පත් කියලා කියන්නේ? (නි)
ඕස්ට්‍රේලියාව මානව හිමිකම් ගැන කතා කරනවා ඔක්කොම වාසියට (නදී)
ඕස්ට්‍රේලියාව නිවැරදියි කියලා මම කියනවා (නි)
ඕස්ට්‍රේලියාව හරි. ශ්‍රී ලංකාවේ නම හරියට කැතවෙලා තියෙන්නේ මේ බෝට්ටු වල එන අය නිසා. තමන්ගේ රටේ නම කැත කරගෙන අනුන්ගේ රටවලට රිංගන්න යන බොහෝ දෙනෙක් යන්නේ බොරු හේතු මවාපාමින් තමන්ගේ වාසියටයි. (නි)
සරත්, දැනටමත් ඔස්ට්‍රේලියාව සමහර රටවල්වලට වීසා නිකුත් කිරීමේදී එම රටවල් අවදානම් රටවල් හැටියට නම් කරලා තියෙන්නේ. ලංකාවත් ඒ අතරින් මුල්ම රටවල් දහය අතරට ඇතුලත් වී තිබෙනවා. පවුලේ කෙනෙකුට සංචාරක වීසා ඉල්ලුම් කිරීමේදී අයදුම්කරුවන් ඉතාමත් අපහසුතාවයට පත් වෙන ආකාරයේ කොන්දේසි ඉදිරිපත් කිරීමටත්, තානාපති කාර්යාලය සැදී පැහැදී සිටිනවා. බොහෝ විට සිදු වන්නේ අයදුම්පත නිෂ්ප්‍රභා වීමයි. අන්තිමට ගෙවපු සල්ලිත් නැහැ වීසාත් නැහැ. (නදී)
රටේ තීරණ ගතයුත්තේ රටේ පවතින නීතියට අනුවය. ඕස්ට්‍රේලියාව ගත් තීරණය නිවැරදිය. (නි)
ලංකාවේ මිනිස්සුන්ව බෝට්ටුවල එල්ලිලා පිටරටවලට යන තැනට පත්කළ ලංකාවේ සමහර පිස්සු නටන දේශපාලකයන්ට විරුද්ධව බැන අඩගහන තත්ත්වයකට තවම කිසිම රටක් පත්වෙලා නැද්ද දන්නෙ නැහැ (නි)
ඔස්ට්‍රලියාව වැරදියි. එයා සවන්දීල තියෙන්නේ එක පැත්තක අදහස්වලට විතරයි . මිනිස්සු ලක්ෂ ගණන් දීල ජීවිතය පරදුවට තියල යන්නේ රටේ නම කැත කරන්න නෙමේ .මේ රටේ ඉඳල අනාගතයක් නැහැ කියල හිතෙන නිසා කියල ලින් මැඩියන්ට නොතේරුනාට ජාත්‍යන්තරයට තේරෙනවා. (ස)
ජයන්ත හරි. මගේ යාලුවෙකුට අයිති පොඩි කොම්පැනියක් තියෙනවා මෙහේ. එයා ලග වැඩ කරා බෝට්ටුවකින් ආපු කෙනෙක්. ටික කාලයකට පස්සේ මම යාලුවගෙන් ඇහැව්වා කොහොමද අපේ ලංකාවේ යාලුවා කියලා. මගේ යාලුවා කිව්වා මිනිහට වැඩ අමාරුයි කියලා ගියා කියලා. මෙන්න බොලේ මම සතියේ දවසක දවල් මිනිහව දැක්කා. පාක් එකක එයා වගේම සෙට් එකක් එක්ක හොදට බොනවා. ඔන්න ඔහොමයි බොහෝ සරණාගතයන්ගේ හැසිරීම. (නදී)
ඕස්ට්‍රේලියානු රජය ගත් මෙම ක්‍රියා මාර්ගය ඉතා නිවරදියි. ඉදිරියට මෙය තදින් ක්‍රියාත්මක කල යුතුයි. බෝට්ටුවල නැගල යන මේ පිරිස් විශාල මුදල් ප්‍රමාණයක් ගෙවල තමයි යන්නේ. ඔවුන්ට පුළුවන් මේ මුදල් රට තුල ආයෝජනය කරලා නිසි ප්‍රයෝජන ගන්න. අනෙක් කාරණාව තමා මෙයා යන්නේ මානසික වහල් බාවය සහ සැපෙන් දුක් විදීම සදහා. ඒ කෙසේ හෝ වේවා අන්තිමට නිත්‍යානුකුල ලෙස ඔස්ට්‍රේලියාවට යාමට තියන අවස්ථාව අනෙක් අයට නැති වෙන එකයි වෙන්නේ. (නදී)
ඕස්ට්‍රේලියාව වැරදියි. ඔච්චර ඉඩ තියන වැඩ තියන රටේ. එහෙ ඉන්න අපේ මිනිසුන්ගෙන් ලොකු ප්‍රයෝජනයක් ඕස්ට්‍රේලියාවට තියනව. ඕස්ට්‍රේලියාව ඒ ගැන සිතිය යුතුයි. (ස)