ඉදිරියේදී ඕස්ට්‍රේලියාව තුළ ‘ඔහු’ හෝ ‘ඇය’ යන සර්ව නාම භාවිත කිරීම අධිකරණය ඉදිරියට පැමිණවීමට හේතුවක් වනු ඇතැයි එරට නීති විශාරදයෝ අනතුරු අඟවති.
ඕස්ට්‍රේලියාවේ තස්මේනියානු ප්‍රාන්ත සභාවට ඉදිරිපත් වූ ‘සංක්‍රාන්ති සමාජභාවිය (සංක්‍රාන්ති ස්ත්‍රී පුරුෂ) අයිතිවාසිකම් සංශෝධන පනත් කෙටුම්පත් නිසා එම තත්ත්වය නිර්මාණය වී තිබේ.
ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු සහ ‘ග්‍රීන්ස්’ යන පක්ෂ විසින් මෙම ඓතිහාසික ප්‍රතිසංස්කරණ ඇතුළත් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
මෙම ප්‍රතිසංස්කරණ ඕස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙන අතර ඔහු මෙම ප්‍රතිසංස්කරණ හාස්‍යයට ලක් කර ඇත.
කැමැති සර්ව නාමයකින් තමන් හැඳින්වීම ප්‍රතික්ෂේප කිරීම, ‘නීතිවිරෝධි’ යැයි සඳහන් කරමින් මෙම ප්‍රතිසංස්කරණවලට වගන්තියක් ඇතුළත් කර ඇත.
මෙම යෝජිත නීතිවලට අනුව තස්මේනියා ප්‍රාන්තයේ මාපියන්ට ඔවුන්ගේ උප්පැන්න සහතිකයේ ස්ත්‍රී පුරුෂ බව හෝ ලිංගිකත්වය හෝ සඳහන් කරන්නේ ද නැද්ද යන තීරණය කිරීමට යන්න අවස්ථාවක් ලැබෙන අතර අවුරුදු 16 ඊට වැඩි සියලු දෙනාට නෛතිකව ඔවුන්ගේ ලිංගිකත්වය වෙනස් කිරීමට අවස්ථාව උදා වේ.
මෙම පනත් කෙටුම්පත තස්මේනියානු ප්‍රාන්තයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වූ අතර පනත් කෙට්මුපත නීතියක් බවට පත්වන්නේ ප්‍රාන්තයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වුවහොත් පමණි. ප්‍රාන්තයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය මන්ත්‍රී ආසන 15කින් සමන්විත අතර එම මන්ත්‍රීවරුන් 15 දෙනාගෙන් නවදෙනෙක් ස්වාධීන මන්ත්‍රීවරු වෙති.
ඬේලිමේල් ඇසුරිනි
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඕස්ට්‍රේලියාවේ සර්ව නාම භාවිතය බෑ