IMG-LOGO

ඕස්ට්‍රේලියාවේ සෙබළු පිරිසක් සිරකරුවන් 39 දෙනෙකු ඝාතනය කරති

ඕස්ට්‍රේලියාවේ විශේෂ බලකායක සෙබලුන් පිරිසක් විසින් නිරායුධ සිරකරුවන් සහ සිවිල් වැසියන් 39දෙනකු ඇෆ්ගනිස්ථානයේදී ඝාතනය කළ බවට විශේෂ විමර්ෂණයකින් හෙළිවී ඇතැයි වාර්තා වේ. 

මොවුන් 39දෙනා ඝාතනය කිරීමේ චෝදනාව මත මේ වනවිට සේවයේ නියුතු සහ හිටපු සොල්දාදුවන් 19 දෙනකුට අපරාධ චෝදනා ගොනු කරන බව ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කරයි.

2009 වසරේ සිට 2013 දක්වා කාලයේදී ඇෆ්ගනිස්ථාන යුද්ධය පැවති සමයේ මෙම ඝාතන සිදුකර ඇතැයි පැවසේ.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකාය විසින් අවුරුදු හතරක් පුරා සිදුකරන ලද පරීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ. 

මෙම පරීක්ෂණය මෙහෙයවන ලද මේජර් ජනරාල් පෝල් බ්‍රෙරෙටන් විසින් සිද්ධිය සම්බන්දව සාක්ෂිකරුවන් 400කට වැඩි පිරිසක් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ කනිෂ්ඨ සොල්දාදුවන්ට සිය ප්‍රථම ඝාතන අත්දැකීම ලබාගැනීම සඳහා සිරකරුවන් ඝාතනය කිරීමට නිලධාරීන් විසින් අණදී ඇති බවයි.
මේවා හිතාමතා සිදුකරන ලද යුධ අපරාධ බව මූලික විමර්ෂණ සිදුකළ විශේෂඥ සමන්තා ක්‍රොම්ප්වෝට්ස් පවසයි.

මෙම සිදුවීම් කිසිවක් යුද්ධයට සම්බන්ද ඒවා නොවන බවද පැහැදිලි වී ඇතැයි ඔවුහු පවසති.


(බීබීසී ඇසුරිණි - 085) 



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ සෙබළු පිරිසක් සිරකරුවන් 39 දෙනෙකු ඝාතනය කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 66 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 978 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site