ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සහ අවට ප්‍රදේශවලට ඇතිවී ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් 500කට වැඩි ඕස්ට්‍රේලියානුවන් පිරිසක් අවතැන්ව හදිසි ආධාර ඉල්ලා සිටිති.
සිඩ්නි නුවරට මාසයකදී ඇදහැලෙන වර්ෂාව පැය දෙකකදී ලැබී ඇති බවත් මේ නිසා ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.
ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරයේ ඇතිවූ වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා විදුලිය ඇනහිටීම, ගුවන් ගමන් ප්‍රමාද විම හා ගමනාගමන කටයුතු අඩාල වී ඇත.
ගංවතුරට අසුවූ වාහන වල සිටි මිනිසුන් 11 දෙනෙක් බේරාගෙන ඇති අතර මෝටර්රථ අනතුරකින් එක් පුද්ගලයෙක් මිය ගොස් ඇත.
පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද තුවාල ලබා ඇත.
බොහෝ ප්‍රවාහන සේවාවන් අවලංගු කිරීමට සිදුවී ඇති අතර ගුවන් ගමන් 50 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රමාද වී ඇත.
ආපදා තත්ත්වයන් ගෙන් ආරක්ෂාකාරීව සිටීන ලෙස බලධාරීහු සිඩ්නි වැසියන්ගෙන් ඉල්ලා සිටියහ.
ගංවතුර තත්ත්වයන් ඇති අවස්ථාවේ අවදානම් මාර්ගවල වාහන ධාවනය කිරීමෙන් වලකින ලෙස නිව් සවුත් වේල්ස්හි සහකාර පොලිස් කොමසාරිස්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
(බීබීසී ඇසුරෙනි)
(63226 )


2025 නොවැම්බර් මස 04
766
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2408
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට වැස්සෙන් බලපෑම්