IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඕස්ට්‍රේලියාවේ විරෝධතාවයක යෙදුණු 40ක් අත්අඩංගුවට

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජාත්‍යන්තර පතල් කර්මාන්තකරුවන්ගේ සමුළුව පැවති සම්මේලන මධ්‍යස්ථානය ඉදිරිපිට  විරෝධතාවයේ යෙදුණු 40 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය පවසයි.

ජාත්‍යන්තර නියෝජිතයින් සමුළුවට ඇතුළුවීම වළක්වමින් මොවුන් විරෝධතාවයේ යෙදුණු බැවින් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් වේ.

වර්ණවත් ඇඳුමින් සැරසුණු විරෝධතාකරුවන් සිය ගණනක්  සටන් පාඨ කියමින් විරෝධතා පුවරු රැගෙන පතල් සමාගම්වල ක්‍රියාකාරීත්වයට එරෙහිව විරෝධතාවයේ යෙදුණු බව මාධ්‍ය වාර්තා කර ඇත.

දේශගුණික විපර්යාසවලට එරෙහි ක්‍රියාකාරිකයින් ලෙස හැඳින්වෙන මෙම විරෝධතාකරුවන් පවසන්නේ පතල් කර්මාන්ත සමාගම් තමන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලැජ්ජා විය යුතු බවයි.

ලාභය ලැබීමත්, ප්‍රජාව අවතැන් කිරීමත්, පොළොව කොල්ලකෑමත් කර්මාන්ත හිමියන්ගේ අරමුණ බවත් ඒවා නැවත නැවතත් සිදුවන බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

විරෝධතාකරුවන්, නියෝජිතයන් කිහිපදෙනෙකුට කෙළ ගසා ඇති බව පොලිසිය පවසයි.

මෙම සමුළුවට ලෝකයේ රටවල් 100කින් නියෝජිතයන් 7000ක් පමණ සහභාගී වී ඇති අතර පතල් කර්මාන්තයේ පරිවර්තනයක් සිදුවිය යුතු බව බොහෝ කථිකයන් අවධාරණය කර ඇත.

28 වනදා ආරම්භවූ සමුළුව දින හතරක් පුරා පැවැත්වෙන අතර මෙවර එය පැවැත්වෙන්නේ හයවන වතාවට බව සංවිධායකයෝ පවසති.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ විරෝධතාවයක යෙදුණු 40ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 766 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2408 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site