ඕස්ට්‍රේලියාවේ ඩාවින් නගරයේදී තුවක්කුකරුවකු විසින් හතරදෙනකු වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ. මෙම පුද්ගලයා ස්ථාන හතරකදී එම ඝාතන සිදුකර ඇත.
මෙහිදී එක් අයෙකු තුවාල ලබා ඇත.
වෙඩිතැබීමෙන් පැයකට පමණ පසුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු හඳුනාගෙන ඇති බවත් ඔහු 45හැවිරිදි පුද්ගලයෙකු බවත් පොලිසිය සඳහන් කර ඇත.
සැකකරු තනිවම මෙම වෙඩිතැබීම් සිදුකර ඇතැයි පෙනෙන්නට තිබෙන බවත් මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවත් ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පවසයි.
1996 වර්ෂයේදි ගිනි අවි සම්බන්ධ නීති පැනවීමෙන් පසු සිදුවූ දරුණුම අපරාධය මෙය බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඕස්ට්‍රේලියාවේ වෙඩිතැබීමකින් 4ක් මරුට